Friday, November 2, 2012

එයා ආඩම්බර වුනාම අපට (තරහ) මොකද

අද ඉස්කෝලේ ළමයිව එන්නත් කිරීමට කණ්ඩායමක් ආවා. ටිකක් වයසක  දොස්තර නෝනා කෙනෙකුත් මේ කණ්ඩායමත් එක්ක ආවා . දැන් ගුරුවරු කීප දෙනෙක් මේ දොස්තර නෝනා ගැන කතා කරන්න පටන් ගත්තා.   ' අනේ හරීඊ ඊ ඊ  හොඳ ඩොක්ටර්... කිසිම ආඩම්බරයක් නැ."   ඔන්න ඊට  පස්සේ ගුරුවරු දෙන්නෙක් ආඩම්බර අයට බනින්න පටන් ගත්තා. මිනිස්සු  අහංකාර වෙන්න හොඳ නැ උඩට  යනකොට , ඉගෙන ගන්න කොට ආදී නොයෙක් දේ ගැන කතා උනා. ආඩම්බර මිනිසුන් ගැන කිසියම් තරහකින් මේ දෙන්න කතා කරන බව නම් පෙනුනා. මේ දෙන්නගේ දුවල දෙන්න මිට කලින් මම දැකල තිබ්බ නිසා මට මතකයි දුවල දෙන්නත් කාගේත් එක්කවත  කතා  කරන්නේ හිනා වෙන්නේ නැති බව . දුවල දෙන්න දකින මුල් වතාවේ ඒ දෙන්න කතා නොකරන බව කව්රු හරි කිවොත්" ඔව් අනේ... ඒ එයාගේ හැටි අපේ පොඩි දුව වැඩිය කතා කරන්නේ නැ..." කියනවා මට ඇහිලා තියනවා . අනිත් ටිචත් එයාගේ දුව ගැන කියන්නේ " එයා ඔහොම තම එයා කතා කතා කරන්නේ නැ .. ඒ ඒකිගේ හැටි නේ" . හ්ම්ම්ම් ..   

එකම දේ දෙන්නෙක් කරන කොට.... තමන්ගේ කෙනෙක් හා පිට කෙනෙක් මිනිස්සු දෙආකාරයට බලන්නේ ඇයි.... දුව ආඩම්බර නම් ඒ එයාගේ හැටි ... ආඩම්බර කමකට නෙමේ ... කියන මිනිස්සු ඒ දේම වෙන කෙනෙක් ගේ දැක්කම අපෝ තියන ආඩම්බරකම කියල බනිනවා ...  කෙනෙක් ආඩම්බර උනත් තව කෙනෙක් ඔය තරම් කරදර වෙන්නේ මොන දේකටද ... ආඩම්බර වෙන එක එයාගේ වැඩක් .... අනිත් අය මොකටද එයාගේ ආඩම්බර කමේ ප්‍රමාණය මනින්න යන්නේ කියල මට මේ කතා බහේ දී කියන්න හිතුනත් මම කට වහගෙන හිටිය.......  අර ටිචල දෙන්නගේ දුවල දෙන්න උනත් වෙන කෙනෙක් උනත් අර දොස්තර නෝනා උනත් අනිත් අයත් එක්ක වැඩිය කතා කලේ නැ හිනා උනේ නැ කියන එක තව කෙනෙකුට ප්‍රශ්නයක් වෙන්න ඕන කමක් තියනවා ද ... තමන් කතා  කරන්නේ කාටද හිනා වෙන්නේ කාටද කියන දේ ඒ ඒ අයගේ පෞද්ගලික කැමැත්ත ..   හිතේ තරහ තියාගෙන බොරුවට කතා කරලා විරිත්තල යන මිනිස්සුන්ට වඩා කතා නොකර ඉන්න එක වඩා හොඳයි  ආඩම්බර කමට උනත් ....තව කෙනෙකුට කරදරයක් නොවී ඉන්නාව නම් ... අනිත් එක අනුන්ගේ ආඩම්බර කම ගැන මේ තරම් වද  වෙන්නේ මොන දේකටද ... මට පේන විදිහට ... එක්කෝ තමන්ව ගණන් ගත්තේ නැ කියල හිතන නිසා ...  ඒ කියන්නේ එයා මව ගණන් ගන්නේ  නැත්තම් මගේ තියන වැදගත් කම හෝ නම්බුව වැනි දෙකට හානි සිදුවීමක් නිසා ඇති වන තරහක් නිසා අනුන්ගේ ආඩම්බර කම් ගැන කරදර වෙන්න මිනිස්සු පුරුදු වෙලා තියනවා....   එහෙම නැත්තම් නිතරම අනුනේ වැරදි අඩුපාඩු කිය  කියා අනුන්ව විවේචනය කිරීමෙන් මානසික තෘප්තියක් ලබන්න පුරුදු වෙලා තියන නිසා  ඒ පුරුද්දට මේ වගේ දේවල් ගැන කියවමින් ඉන්නවා ... ආඩම්බර  කෙනා ජිවිතේ ලබාගෙන ඇති දේවල් තමාට ලබාගැනීම නොහැකිවීම ගැන ඉර්ශ්යාව  හා පසුතැවීම වැනි හැඟීමක් නිසා  ඉහලට යන කොට ආඩම්බර වෙන්න හොඳ නැ කියල කියනවා ....  තමන් ගැන හිතේ තියන මදි පුංචි කම් වගේ දේ නිසා අනිත් අයත් එක්ක තමාව සැසදීමට යාමෙන්  කෙනෙක් ගේ ආඩම්බර කමින් අනිත් ය හිත රිදව ගන්න බව ත්  පේනවා. ....

1 comment:

  1. දැන් ඔයත් මෙතන පෝස්ට් එකක් දාල ඒ ටීචර් කරපු දේම නේද බබෝ කරල තියෙන්නෙ?

    ReplyDelete