සුදුපාට සොයා
වෙහෙසුනෙමි
හෙම්බත් උනෙමි
කලුපාට දැක  ඇඬුවෙමි සුසුම් ලෑවෙමි 
සුදු කළු සොයන
අතරේ 
අළුපාට දැක්කෙමි
පිළිගැනීමට පැකිලුනෙමි
එහෙත්  
නිතර නිතර
නැවත නැවත 
අළුපාට ම  දැක්කෙමි 
ලා අළු තද අළු
විවිධ අළු 
ඔව් අළු !
අමාරුවෙන් හෝ    “.....@ *%&!@  : ( ... ! 
“
පිළිගැනීමට සිදුවුනෙමි
ඔව් අළු පාට පමණි
...
අලුමතින් නැවත
 නැගිට්ටෙමි !
