පසුගිය කාලයේ ටික දවසක් මම 6 පන්තියට, "සිවික්" කියල කෙටියෙන් කියන පුරවැසි අධ්‍යාපනය කියන විෂය කලා. ඒකෙ තියනවා 'මම කවරෙක්ද' කියල පාඩමක් කරන්න. ඉතින් පාඩම පටන් අරන් මම ළමයින්ගෙන් ප්‍රශ්න අහන්න පටන් ගත්තා. මම සාමාන්‍යයෙන් පන්තියේ උගන්න්නකොට ළමයි ව කතා කරවන්නන ප්‍රශ්න අහනවා; මම දේශනයක් දෙනවා වගේ පාඩම කරන්න කැමති නැති නිසා. ඒ නිසා මම එක එක ළමයාගෙන් ඒ ළමය ගේ විස්තර, රුචි අරුචි කම්, ගති ගුණ මේ ව ගේ ප්‍රශ්න ඇහුව. ඒත් ළමයින්ගේ සහභාගිත්වය මදි වගේ පෙනුන නිසා මම කිව්වා, හොඳයි මම ඉස්සෙල්ල කියන්නම් මම කවුද කියල, ඕගොල්ලෝ මගෙන් ප්‍රශ්න අහන්න ඕන කියල . ඊට පස්සේ ළමයි කතා කරන්න පටන් ගත්තා. දැන් ළමයි මගේ නම ගම අම්මා තාත්තා, වයස, අරව මේවා ඔක්කොම අහන්න පටන් ගත්තා.ඔය අතරේ හිටපු කට කාර ළමයෙක් තාත්තගේ නම ඇහුව . මම කිව ජෝර්ජ් කියල. එක පාරටම මේ ළමය ජෝර්ජ් බුෂ් ද කියල හිනා වෙන්න පටන් ගත්තා. මටත් ඉතින් හිනා ගිහින් ඊට පස්සේ දිගටම මම පාඩම කරගෙන ගියා.
අයෙත් දවසක් පාඩම කරගෙන යනකොට ඔය කටකාර ළමයාගේ වැරද්දක් අහු උනා. දැන් නම් මතක නැ මොකද්ද කියල. මම කෝටුවක් අතට අරන් ඒ ළමය ලගට ගිහින් ගහන්න ගියා. එතකොට මේ ළමය හිනා වේවි කියනවා "කොච්චර ශෝක් ද, ජනාධිපතිගේ දුව ගෙන් ගුටි කන එක" කියල. මට දැන් සැර කරන එකත් අමතක වෙලා හිනාව නවත්ත ගන්න බැරුව ගියා.
ඔය පන්තියේ ඉන්න කට කාර දග කාර එකම ළමයත් එයා විතරක් නෙමේ. මුළු පන්තියම හරිම දඟයි. හැබැයි ඒ දගකාරකම් දැක්කම මාර ආසා හිතෙනවා. ළමයිත් හොඳට දන්නවා මට ටක් ගාල හිනා යනවා කියල. ඉතින් බය නැතුව මගෙත් එක්ක එකට එක කියනවා. ඉස්කෝලේ ලොකු පන්තිවල පිරිම ළමයි හොරෙන් කරන වැරදි ( සිගරට් බොන ඒවා , ගුරුවරුන් ට බනින ඒවා ) ඔක්කොමත් මගේ අතින් ඇවිත් කියනවා. ඒ වෙලාව මම ඒවා සද්ද නැතිව අහගෙන පස්සේ බොරුවට බැනල එලව ගන්න වා ( හි හි කේලම් අහන එක හොඳ වැඩක් නෙමේ නේ ) ළමයින්ට ගහන්න ගියොත් ඉතින් මාවම තමයි වෙලාවකට බයිට් වෙන්නේ. සමහර දවසට ළමයි පොත් අමතක කරලා එනවා. පොත් ගෙනාවේ නැති අය නැගිටින්න කිව්වම ළමයි නැගිටිනවා. මම සමහර දවසට් ඒ වෙලාවට ගුටි දෙනවා ( ගහන එක වැරදි වැඩක්, එත් නොකර බෑ. මේ ඉස්කෝලෙට එනකොට මම දැකපු දේ තම හැම ගුරුවරයාම කෝටුවක් වන වනා තමයි පන්ති වලට යන්නේ. කෝටුව නැත්තන් ළමයි මෙල්ල කරගන්න බෑ කියන මතය තිබ්බ . ඉතින් අනිත් ගුරුවරුන්ගෙන් මට ලැබුන උපදේශයත් කෝටුවක් අරන් යන්න කියල. ) මෙහෙමෙ ගුටි කලා ඉවර වුනාම ගුටි කාපු එකෙක් දෙන්නෙක් හිනා වේවි කියනවා මැඩම් අපි පොත ගෙනාවා කියල මට පොත පෙන්නනවා, ගුටි කන්න බොරු කියන ළමයි කෝටුවෙන් මෙල්ල කරන්න ගිහාම ඉතින් මම ම තම බයිට් වෙලා තියෙන්නේ. දැනුත් මම ඒ පන්තියට යනවා. හරිම දඟයි වගේම තම පන්තියේ වැඩ ත් හොඳට කරනවා. මොනවා හරි වැඩක් නොකරපු වෙලාව මම කියනවා, "මම මේ පන්තිය කරන්න වෙන මැඩම් කෙනෙකුට දෙනවා මම දෙන වැඩ කරගෙන එන්නේ නැත්තන්" කියල. එතකොට ළමයි ඉතින් මාව ශේප් කරගන්න අරව මේවා කියනවා. දවසක් මම ඇහුවම මොකටද මට මේ පන්තියෙන් යන්න එපා කියන්නේ කියල, එක ළමයෙක් කියනවා මැඩම් ගහන ගුටි රිදෙන්නේ නැති නිසා කියල. හ්ම්ම් දැන් මේ ගුටි කතා දැකල කවුරු හරි මට නඩුත් දායි ද දන්නේ නෑ.
Showing posts with label school. Show all posts

Thursday, September 15, 2011
Monday, January 24, 2011
හයේ පන්තියේ පිරිමිකම
ඉස්කෝලේ ළමයි අතර තියන රන්ඩු නම් කෙළවරක් නෑ. හැම දාම පැමිණිලි , මෙයා මට ගැහුව, මෙය මගේ බැග් එක බිම දැම්ම.. මගේ පොත හොරකම් කරලා... අද හවස ගෙදර යනකොට මට ගහනවා කිව්වා... මගේ මේසෙ මෙයා අරගෙන .. මේවා හරිම සුලබ පැමිණිලි. ඒවා විභාග කරන්න ගියාම කව්ද වැරැද්ද කරේ කියල හොයා ගන්න හරිම අමාරුයි. එකටත් එක්ක දෙපැත්තටම සපෝර්ට් කරන්නත් කට්ටිය ඉන්නවා. සමහර ළමයි තව කෙනෙකුට දඩුවම් කරවන්නම බොරු පැමිනිලි කරන වෙලාවල් තියනවා ..
අද එක පන්තියක පීරියඩ් එකක් ඉවර වෙලා අනික් පන්තියට කොරිඩෝර් එක දිගේ යන කොට එතන තිබුන 6 යේ පන්තියකින් පැමිණිල්ලක් අව . මැඩම්.. චැලේන්ජ් කරලා මේ දෙන්න ගහගෙන .. එක ළමය ඩෙස්ක් එකක් මුණ ඔබගෙන මොනවදෝ වෙලවගේ හිටිය නිසා මම නැවතුන . ඒ ළමයාගේ අත රතු වෙලා තියනවා ගුටිකාලා . මම ඇහුව කව්ද ගැහුවේ.. "මෙයා ගැහුවේ" අනික් ළමයි තව ළමයෙක්ව පෙන්නලා උත්තර දුන්න ..නෑ මැඩම් මෙයා ඉස්සෙල්ල ගැහුවේ.. න මඩම් මෙය ගැහුවේ.. දැන් ඉතින් දෙපැත්තටම සපෝර්ටර්ල කරුණු පැහැදිලි කරනවා ගහගත්ත එක ළමයෙක් කිව්වා මැඩම් මෙයා චැලේන්ජ් කරා පිරිමියෙක් නම් ගහන්න කියල. ඉතින් මේක 6 යේ පන්තියේ පිරිමිකම පෙන්නන්න ගිය ගුටි කෙලියක් ..

Thursday, January 13, 2011
අලුත් පන්තිය
බ්ලොග් එකක් පටන් ගත්තට මොකද ඒකට අලුත් පෝස්ට් දාන එක තමා දැන් තියන ගැටලුව. මගේ යාලුවෙක් නම් මේකට කිව්වේ රයිටර්ස් බ්ලොක් කියල ( හි.. හි.. මම මොන රයිටර් ද .. නිකමට බ්ලොග් එකක් පටන් ගත්ත මොනවා හරි ලිය ගන්න පුළුවන් වෙයිද බලන්න) මේක ලියන්න දෙයක් නැතිකමද ලියල පුරුද්දක් නැති කමද දන්නේ නැ. මොකක් උනත් අද නම් මොනවා හරි ලියනවා කියල හිතාගෙන තමා වැඩේට බැස්සේ
ඉස්කෝලේ පටන්ගත්ත නිසා අයෙත් පුරුදු ජිවන රටාවට අවතීර්ණ උන. ( පුරුදු ජිවන රටාව කිව්වට ඉතින් මේ මෑතක ඉඳල තමා මේ ජිවන රටාව පටන් ගත්තේ. ) මම හා හා පුරා කියල පන්ති බාර ටීචර් කෙනෙකුත් උනා අද . ඉතින් ඉසිස්සෙල්ලම උදෙන්ම පන්තියට ගියා. පන්තියේ ළමයින්ගේ නම් ලකුණු කරලා පන්තිය අතුගාන්න පවරලා එහෙම පන්තිය හදා හදාගත්ත. ඊට පස්සේ පන්ති පිරිසුදු කිරීමට ළමයි බෙදල වෙන් කරා. පන්තියට මොනිටර් කෙනෙකුත් පත් කර ගත්ත. මේ හෝල් එකේ පන්ති 4 ක් තිබ්බට තව පන්ති දෙකකට ටීචර්ලා ඇවිත් නැ. මේ දේවල් කරන ගමන් ඒ පන්ති වල ළමයිනුත් හසුරුවගන්න සිද්ධ උන.
මම ඉතින් උගන්නට අසා උනාට ටීචර් කෙනෙක් වෙන්න නම් හිතලා තිබුනේ නෑ , ටීචර් කෙනෙක් වෙන්න ඒ තරම් ආසාවක් තිබ්බෙත් නැ. මන් හැම වෙලේම කියපු දෙයක් තමයි " මන් උගන්නන ආසයි එත් ටීචර් කෙනෙක් නම් වෙන්න ආස නැ" කියල එත් මට හම්බ උන අලුත් පන්තියේ ළමයි කියන කරන දේ දැක්කම මට ළමයි ගැන සියුම් ආසාවක් ඇති උන . මට හම්බ උනේ 7 පන්තිය. පන්ති හදා ගන්න අතරේ එහා පන්තියේ ළමයෙක් මන් ලඟට ඇවිත් ඇහුව "මමත් මේ පන්තියට එන්නද " කියල " ඇයි ඔයාගේ යාළුවා මේ පන්තියේද ඉන්නේ" " ඔව්". මේ පාර පන්ති වලට බෙදල තිබ්බේ ළමයින් ගේ ලකුණු අනුව. ඉතින් ගියපාර එකට හිටපු යාලුවෝ මේ පාර පන්ති දෙකකට වැටිලා . ඊට පස්සේ ඒ ළමය මගේ පන්තියේ එයාගේ යාළුවා ලඟට ගිහිල්ල ටික වෙලාවක් වාඩි වෙලා ඉන්නවා මන් දැක්ක. අද උගන්නන්න බැ පන්ති හදා ගන්න තියන නිසා , තාම ළමයින්ට ඉස්කෝලෙන් කාලසටහන් දීල තිබ්බෙත් නැ ඉතින් ළමයිනුත් පොත් ගෙනත් තිබ්බේ නැ, ළමය්නුත් ඇවිල්ල හිටියේ ටික දෙනයි. ළමයින්ට මගෙන් අහන්න ප්‍රශ්න ගොඩයි " මැඩම් ගේ නම මොකක්ද " " මම ...." "මැඩම් ද අපිට සිංහල උගන්නනේ " " නැ සිංහල වලට වෙන මැඩම් කෙනෙක් එයි " " මැඩම් අපිට මොනවා ද කරන්නේ " "........" "මැඩම් හැමදා ම උදේම අපේ පන්තියට එනවා ද ? " "ඔව්" මේ වගේ ප්‍රශ්න වලට මන් උත්තර දුන්නේ අසාවෙන්" හරිම දඟ කාර ළමයි ටිකක්... නටන ඇස්.. " මට හිතුන. මේ අතරේ තව ටීචර් කෙනෙක් එහා පන්තියට ආව, ඒකෙ ළමයිනුත් අතුගාන වැඩ .. " මේ ළමයි ගේ මුණු දැක්කම මට ලමයි ගැන කියන්න පුළුවන්, හරිම ලෝකොත්ත්රයෝ ටිකක් .. ඔයා සැරට ඉන්න " වේවැලකුත් අතේ තියාගෙන හිටපු ඒ ටීචර් මට උපදෙස් දුන්න. වේවැලක් අරගෙන පන්තියට යන එක මේ ඉස්කොලේ අනිවාර්ය දෙයක් වෙලා .. මම පන්තියෙන් යන්න කලින් ළමයි මගෙන් ඇහුව " මැඩම් සෙල්ලම් කරන්න යන්නද ", " එපා එපා පන්ති වලම ඉන්න කියල තියෙන්නේ " එත් දැන්ම උගන්නන්න පටන් ගන්නේ නැත්තන් මේ ළමයි මෙහෙම ගාල් කරලා තියන්නේ කොහොමද කියල මට හිතුන , ඒ නිසා හිත කිවේ "එහෙනම් සෙල්ලම් කරන්න" කියන්න කියලයි ඊට පස්සේ ළමයි මට ආයෙත් ඇවිටිලි කරා "අනේ මැඩම් අනිත් පන්තිවල ඔක්කොම ළමයි සෙල්ලම කරනවා අපිත් යන්නම්" ළමයින්ගේ ඇස් වල දඟ කාරකම් නලියනවා .. මාව වට කරගෙන හේතු දාහක් ඉදිරිපත් කරනවා... සෙල්ලමට මයි හිත.. .ඊට පස්සේ මන් අන්තිමට අවසර දුන්න සෙල්ලම කරන්න .. "හැබැයි කවුරුත් ගෙවල් වලට යන්න බැ ... මන් පන්තියට ඇවිත් බලනවා " ඉස්කෝලේ මේ සතියෙම උගන්නන පාටක් නැති පාටයි කාල සටහන් දෙන්නත් සුදානම් නැති පාටයි .. "කාල සටහන් නැති උනාට මම හෙට උගන්නන්න පටන් ගන්නවා හැමෝම හෙට පොත් ගෙන්න ඕන" කියල මම පන්තියෙන් පිටත් උනා. හවස අයෙත් පන්තියට ඇවිත් බලන කොට පන්තියේ දෙන්නෙක් ම හොරෙන් ඉස්කෝලෙන් පැනල ගිහින් තිබ්බ.

Subscribe to:
Posts (Atom)