Monday, April 23, 2012

රූපලාවණ්‍ය ලයිස්තුවක් ...

අපේ ඉස්කෝලේ   එක එක වර්ගයේ ටීචර් ල ඉන්නවා. තරුණ අය, තරුණ ද නැද්ද  කියල හරියටම කියන්න බැරි අය,  තරුණ නැති අය ,  තමන් වයසයි  කියල හිතන අය,  බැඳපු අය නොබැඳපු  අය සාමයෙන් සමාදානයෙන් ඉන්න අය, අනුන්ගේ  ගේ වැරදීම හොයන අය හොඳ  විවාහ ජිවිත ගත කරන අය, ඒ එක්කම තව තව අනියම් සම්භන්දතාත්  පවත්වන අය.... මෙකි නොකී හැමෝම මෙතන ඉන්නවා. මේ අයත් එක්ක ඉතින්  ෆ්රී වෙලාවක් ආවම  ඕපාදුප වගේ දේවල් කතා කර කර ඉන්න  වෙලාවට  එයාලගේ දුවල පුතාල ගැනත් කියනවනේ . 

ගිය සතියේ දවසක ටීච කෙනෙක් ලිස්ට් එකක් අතට ගත්ත අද අපේ පොඩි දුව මට ගෙන්න  කියල බඩු ලිස්ට් එක්ක දුන්න කියල. මේ දුව O/L කරන වයසේ දුවක් . මේ වයසේ ළමයි ටිකක් රූපලාවණ්‍ය කටයුතු  ගැන උනන්දුයි  නේ. ඉතින් මේ ලිස්ට් එකේ තියෙන්නේ ඔය  රූපලාවණ්‍ය වැඩ වලට ඕන කරන ලිස්ට් එකක් කියල හිතාගෙන ටීචර් ඒ බඩු ලිස්ට් එක කියවන්න පටන් ගත්ත  ...මේ තියෙන්නේ ඒ බඩු ලිස්ට් එක ...


මේ දුවම දවසක් මිට කලිනුත් ඔයවගේම බඩු ලිස්ට් එකක් දුන්නලු. ටීචර් ලිස්ට් එක කෙලින්ම කියවන්නේ නැතිව මුදලාලිට දුන්නලු. ..දැන් ලිස්ට් එකේ තියන බඩු මල්ලකට දානවලු. මුදලාලි ඇහුවලු .. ටිච..  මේ අන්තිමට තියෙන්නේ පාපිසි 1000 ක් .... ?   කොහොමද දුවගේ ටිකිරි මොලේ ... දැන් ඉතින්  මුදලාලිත් දන්නවලු මේ දුවගේ වැඩේ ගැන .. ටීච ඒ කඩේට ගියාම දුව එලියට වෙලා ඉන්නවලු ඇතුලට යන්නේ නැතිව .. .

Wednesday, April 4, 2012

visible... but.... invisible.. but .. visible....


You are there
somewhere …
deep in my heart
in a tiny universe
unidentified
restricted.
And…
impossible to define
who you  are to me..
But still !
you are there
visible… but
invisible.. but
visible ….
to you ..
to me ..
and  to you and me ..

Saturday, March 10, 2012

It shook my soul ... (??)

It shook my soul  (?? )
brought me joy
and my heart gonna burst
with full of happiness and excitement
I felt it's starting from the middle of my heart
and spreading toward head and toes
Yes I felt it
I’m trying to figure it out
have u ever tried to detail
it’s very much decent,
very much mannish,
very much smart and handsome,
bit professional
and much more ….
above all
it’s so sweet and musical !!!
its perfect !   yes   its so perfect !
and made me so delighted !
Ohh what a voice
the voice of a stranger ..
the voice of a unseen man ..
heard over the phone ..!

ps. not a  poem .. but some zigzag thoughts ... 

Thursday, January 26, 2012

නංගිලා මල්ලිලා හා තරු අංකල්ලා

           මිට දවස් දෙක තුනකට කලින්  හදිසියේම  පේරා කැම්පස් එකට ගියා. ඒ වෙලාවේ දැක්ක කැම්පස් ළමයින්ගේ උද්ගොෂන්යක්. ලවුඩ්ස්පිකර් දා ගෙන ළමයි කෑ ගගහ යනවා. එයාල කොයි  පැත්තට යනවද කියල වත් බලන්නේ නැතිව මම එතනින් යන්න ගියා මගේ  වැඩේ කර ගන්න. මම කැම්පස් යන කාලේ කිසිම දවසක ස්ට්‍රයික්  එකකට එකතු උනේ නෑ.උද්ඝෝෂණයකට එකතු උනේ නෑ. අනිත්   අය ස්ට්‍රයික් කරත් මම ලෙක්ච(ර්)ස්  තියනවා නම් ලෙක්ච(ර්)ස් ගියා.  කෙටියෙන්ම කියනවා නම් මගේ කිසිම පැහැදීමක් තිබුනේ නැහැ ස්ටුඩන්ට් යුනියන් එකෙන් කරන වැඩ ගැන. යුනියන් එකට සම්භන්ධ ළමයින්ටත් මගේ  ඒ තරම් කැමැත්තක් තිබුනේ නෑ. යුනියන් එක ළමයින්ගෙන් සල්ලි එකතු කරන එක ගැන මට හරිම තරහක්  තිබුනේ. මම අහල තිබුන සමහර ළමයි, තමන්ට ලැබෙන  මහපොල  ශිෂ්‍යධාරෙන්, තමන්ගේ අමාරුවෙන් ජිවත් වෙන අම්ම තාත්තටත් ජිවත් වෙන්නත් සල්ලි  යවනවා කියල. ඒ නිසා ළමයින්ගෙන් සල්ලි එකතු කරලා පෝස්ටර් ගහන සංස්කෘතිය , පුංචි හැම දේකටම ස්ට්‍රයික් කරන  එක මම අනුමත කලේ නෑ . නහය ලගින් මැස්සෙක් ගියත් ස්ට්‍රික් කරන්න කෑ ගහන්න පුරුදු වෙලා හිටිය නිසා ළමයි මොනවා කරත් ඒවා දිහා බලාගෙන කැම්පස් ලගින් යන බස් වල යන මිනිස්සුන්ට වත් ළමයි කරන දෙයක් ගැන ගානක් තිබුනේ නෑ . කම්මලේ ඉන්න බල්ලාට  සද්දේ ගානක් නෑ වගේ. හැම දාම  සද්ද නිසා ඕන දේකට සද්දයක් දැම්මත් ඉතින්  කිසිම  වටිනාකමක් නෑ. ඒ දවස් වල උද්ඝෝෂණ වලට යන ළමයි මොනවා වෙනුවෙන්  ද උද්ගෝෂණ කරන්නේ කියල වත් හරියට දන්නේ නැතිව ගිය අවස්ථා තිබුන.  බැච් එකත්  එක්ක එකට ඉන්න  ඕන, ගියේ නැත්තන් ප්‍රශ්න එයි කියන බය වගේ දේවල්, වෙන අයගේ ඕන එපාකම්,  වගේම ඒ ගොල්ල කරන දේ හරි කයල විස්වාස කරන නිසා   ඕවට සහභාගී උන අයත් හිටිය. ඔය අන්තිම හේතුව ගැන කියන්න තියෙන්නේ අඩු ගානේ හරි උනත් වැරදි උනත් තමන් විස්වාස කරන දේ වෙනුවෙන් වැඩ කිරීම වෙනම දෙයක් . එත් අනිත් හේතු වලට ඕව කරන එක  ගැන නම් මම හිත යටින් හිනා උනා ඒ දවස් වලත්.


         කැම්පස් එකෙන් මගේ වැඩේ කරගෙන මම බස් එකේ නැගල නුවර පැත්තට ගියා. ගලහ හන්දියට ගියාම දැක්ක දෙයින් මගේ හිතට දැනුන දේ  විස්තර කරන්න අමාරුයි  ඒක මොනවගේ හැඟීමක් ද කියල.. අර ළමයි කෑ ගගහ ගිහින් තියෙන්නේ ගලහ හන්දිය පැත්තට. ගලහ හන්දියේ හමුදාවයි  පොලිසියයි පිරිල,  බැරියර්ස් දාල, කටු කම්බි රෝල දාල , ළමයින් ගේ උද්ගොෂණයට විරුද්ධව. මගේ හිතට  දැනුනේ නිකන් පිරටක ගිය වෙලා වේ ලංකාවේ මනුස්සයෙක් දැක්ක වගේ තමන්ගේ කමක් අර ළමයි දැක්කම .  මට අර ළමයි ගැන දැනුනේ දුකක ද මොකක්ද කියල තේරෙන්නේ නෑ. නිකම් මගේ කමක් වගේ දෙයක් දැනුන. ඔය කොල්ලෝ කෙල්ලෝ ටිකක් කෑගහුවම මේ තරම් හමුදාවක් පොලිසියක් මොකටද කියල තමයි මගේ හිතට දැනුනේ හරියට නිකන් විදේශ ආක්‍රමණයක් ඇවිත් වගේ. හමුදාව පොලිසිය ඉන්නේ   ජාතික ආරක්ෂාව වගේ දේටනේ.. අපි බදු ගෙවන්නේ ඒ ගොල්ලන් ජාතික ආරක්ෂාවට කරන සේවෙට . එත් ඉතින්  මෙතන ( ගලහ හන්දියේ) කටු කම්බි දාගෙන ගෙන බැරියර් දාගෙන කරන ජාතික ආරක්ෂාව මොකක්ද. ළමයි  ගානට වඩා පොලිසියෙනුයි හමුදාවෙනුයි.  හැමෝම සීරුවෙන්.. . ඉස්සරත් ඉතින් ඔහොම උද්ගෝෂණ තිබ්බනේ . එත්  ඇයි මේ පොලිසියි හමුදාවයි මේ තරම්  කලබල වෙලා . පටි දාගත්ත අය... තරු දාගත්ත අය... එක එක විදිහේ අය. අනේ මන්ද අපේ රටට ගිය කල ! ඉස්සර උද්ගෝෂණ කරන ළමයින්ට හිත යටින් හිනා උනා , සමහර කාලෙට  ළමයින්ගේ  උද්ගෝෂණ කිසිම කෙනෙක් ගණන් ගත්තේ නෑ. කැගහල කෑගහල  හති වැටුනම ළමයින්ම යන්න යනවා .එත් වෙන හේතුවකට මොනවා හරි හොඳ දෙයක් උනොත් කැම්පස් එකේ  "ශිෂ්‍ය ව්‍යාපාරයේ තවත් ජග්‍රහණයක්"කියල නම් පෝස්ටර් ගැහුනා හි හි. .එත් දැන් නම් හිනා  යන්නේ මේ තරු පටි අන්කල් ලාට යි ඒ ගොල්ලෝ එවන අන්කල්ලටයි, අනේ වෙන මහන්සියක්, පවු නේ ... කමක් නෑ ඉතින් තරු අන්කල්ලට " බටා" පාරක් වත් වදියි නේ. ගෙදර යන ගමන් කැම්පස් යන  පොඩි එවුන් ටයි යන්න බැරි උන පොඩි එවුන්ටයි ටොපි චොකලට් වත් ගෙනියන්න.

Tuesday, December 6, 2011

බල්ලන්ගෙන් එස්කෝට් එකක්.....


මේ කතාව මට මිට අවුරුදු  12 ට  විතර කලින් වුන සිද්ධියක්.... මම දවස් වල එක පාඨමාලාවක් කරන්න කොළඹ ක්ලාස්  ගියා. ක්ලාස් තිබුනේ සති අන්තයේ. ඉතින් සාමාන්යෙන් කරන්නේ සති අන්තේ කොළඹ ගත කරලා  සඳුදා උදේ ගෙදර එන එක. සමහර දවසට ඉරිදට ක්ලාස් එකෙන් කලින් පැනල ඉරිදා හවස ගෙදර එන වෙලාවලුත් තියනවා . එහෙම එන දවසට නම් ගෙදර එද්දී හොඳටම රෑ වෙනවා. මේ නිසා මට ඉරිදට  ගෙදර එන එක ගෙදරින් තහනම් කරලා තිබ්බේ. එත් මම කොළඹ වැඩිපුර නවතින්න කැමති නෑ, රෑට තියන රස්නෙයි  මදුරුවෝයි නිසා. අනිත් එක නැවතුන  තැනත් එතරම් පහසුකම් තිබ්බේ නෑ . මේ නිසා පුළුවන් තරම් බැලුවේ ඉරිදට ගෙදර එන්න තමයි.
 
මේ විදියට දවසක් ඉරිදා  හවස ගෙදර එන්න අවා. බස් එකේ එද්දී බස් එක මගදී කැඩුන.ඊට පස්සේ ගොඩක් වෙලාවක් ගත උනා  බස් එක  හදාගෙන ආයෙත් ගමන  පටන් ගන්න . මේ නිසා වෙනද ගෙදර එන වෙලාවට නම් කොහොමත් එන්න ලැබෙන්නේ නෑ  ගොඩක් රෑ වුන නිසා. හොඳටම රෑ  වෙලා නිසා ගෙදර යන්න බයයි හොඳටම බැනුම් අහන්න වෙනවා. මේ නිසා මන් තීරණය කරා  ගෙදර යන්නේ නැතිව මාම ලගේ ගෙදර යන්න . එක හේතුවක් තමා එහෙ ගෙදරට වඩා  ලගයි අනිත් හේතුව රෑ වෙලා ගියාට බැනුම් අහන්න වෙන්නේ නෑ  මම හිතා  ගත්ත මාම ලගේ ගෙදරට පයින් හරි ත්‍රි විල් එකක හරි යනවා කියල. පයින් යන්න හිතුවට එහෙ තියෙන්නේ පයින් යන දුරකත් නෙමේ.  එත් එක ෂෝර්ට් කට්  එකක් තිබුන එහෙට යන්න.

දැන් අර  මාම ලගේ ගෙදරට යන පාර  පටන් ගන්න  හන්දිය ලගට බස් එක ආවාම එතනින් බැස්ස. දැන් ත්‍රි විල් එකක  යන්න පොඩි බයක් තියනවා රෑ නිසා.   මේ නිසා මාම ලගේ ගෙදරට දුර උනත් පයින්ම යන්න තිරණය කරා.  දැන් වෙලාව රෑ දහයත් පහු වෙලා.

මාම ලගේ ගෙවල් වල යන ෂෝර්ට් කට්  එක මම තෝරා ගත්ත, ඒක බිංගෙයක් ඇතුලෙන් යන්න ඕන ගමනක්ටිකක් දුර මේ විදපු ගල් බින් ගෙය ඇතුලෙන් යන්න ඕන අන්තිම  කෙලවරේ ලයිට්  දාල තියනව මේ බින්ගේ  ඇතුලේ දවස වල. ඔන්න මන් දැන් බීන්ගේ ඇතුලෙන් ඉක්මනින්  ඇවිදගෙන යනවා. නරකම නෑ රෑ ගමනේ පොඩි ගතියකුත් තියනවා. දැන් බින් ගේ පහුකරන කොටම ත්‍රි වීල් එකක්  ඇවිත් මන් ලගින් නතර කළා .( හපොයි ....!) නතර කරලා මට කතා කරා නගින්න කියල. ..... !දැන් මම හොදටම බය වෙලා බින්ගේ ඉවර උන තැන පාරවල් දෙකක් දෙපැත්තට  බෙදෙනවා . මම වෙලාවේ බය නිසාම යන්න ඕන පාරට නෙමේ අනිත් පාර පැත්තට හැරුන. ඊට  පස්සේ ත්‍රි විල් එකේ හිටපු අය කියනවා ඇහුන "බයවෙලා... බයවෙලා" කියල. එහෙම කියල ත්‍රි වීල් එක යන්න ගියා.

හ්ම්ම්ම්ම් දැන් එකකින් බේරුනා දැන් අයෙත් පාර දිගේ ඉස්සරහට  යන්න ඕන. දැන් යන්න ඕන හරි පාරට ඇවිත් දිගටම  යනවා යනවා ඉවරයක්  නෑ. මෙහෙම යනකොට තමා තේරුනේ හිතපු  තරම් ගමන කෙටි නෑ මේක පයින් යන්න පුළුවන් ගමනක් නෙමේ කියල. දැන් කරන්න දෙයක් නෑ . පාරේ දෙපැත්තේ ගෙවල් වල ලයිට්  එළියක් වත් පෙන්න නෑ. මිනිස්සු හැමෝම  නිදි පාටයිහොඳ වෙලාවට එදා ටිකක් පාරේ  එලිය තිබුන දවසක්ඉක්මනින් යන්න ඕන නිසා මම දුවන්න පටන් ගත්ත පාරදිගේ

ටික වෙලාවක් යනකොට මට ටිකි ටිකි ටිකි ටිකි ගාල  සද්දයක් ඇහෙනවා. මන් පිටි පස්ස හැරිලා බැලුව . මගේ පිටි පස්සෙන් බල්ලෝ පස් හයදෙනෙක් දුවගෙන එනවා. මන් අහල තියනව දුවන කොට බල්ලෝ හපන්න එනවා කියල නිසා මන් නැවතුන . . පාර බල්ලෝ ටිකත් නැවතුන . මට පරක්කු වෙන නිසා මම ආයෙත් දුවන්න පටන් ගත්ත එතකොට බල්ලොටිකත් මගේ පස්සෙන් දුවගෙන එනවා මම නවතින කොට නවතිනවා මාම දුවනකොට පස්සෙන් දුවගෙන එනවා. ඔන්න දැන් නම් මට හිනත් යන්න එනවා මේ විහිලුවට . ඔය අතරේ මග දිගේ අලුත් බල්ලෝ එකතු වෙනවා . මෙහෙම නැවතී නැවතී ටික දුරක් ඇවිත් ගේ ලග ඇවිත් බලනකොට බල්ලෝ ටික පේන්න  හිටියේ නෑ. 
 
දැන් ගෙවල්  කිට්ටුවට ආවම තමා පොඩි සැනසීමක් හිතට අවේ. ඔන්න දැන් මම මාමලාගේ ගෙදරට ඇවිත් වෙලාව 12 ලඟයි.  ගෙදර අයට කතා කරලා දොර ඇර ගත්ත. දැන් ගෙදර අයට හිතා ගන්න බෑ මම කරපු මේ වැඩේ ගැනරෑ 12    විතර තනියම ආපු එක ගැන. මල්ලිත් නිකන් ඇස දෙක උඩ ගිහින් මම දිහා බලාගෙන හිටිය , මමත් නිකන් වීරයෙක් වගේ මල්ලි දිහා බලාගෙන හිටිය.. ( හි හි ) මොකද මල්ලි පොඩි කාලේ ටිකක් බයගුල්ල. එදා රෑ  නැන්දටයි  මාමටයි නින්ද ගිහින් නෑ උදේ  වෙනකන්මමම කරපු වැඩේ ගැන කල්පනා කරලා. ඒත් ඉතින්  රෑ වෙලා ආව  කියල බැන්නෙත් නෑ. :)  ඊලග  දවසේ  අර වීල් එකේ අය නැන්දට  හම්බ වෙලා කිව්වලු මම රෑ එනවා දැක්ක ගොල්ලෝ කතා කරා වෙලවේ මම හොඳටම බය වෙලා හිටිය කියල

Tuesday, October 11, 2011

රවටන්නෝ...

ඔබ නොකියන 
මා නොදන්නවා යයි ඔබ සිතන
"සත්‍යය"
මම දනිමි
මම නොඅසමි
ඔබෙන්
"එය ඇත්ත ද ? "
නුඹ ම රැවටුන දෙන්
රවටන්නෝ රැවටෙත් යනු සැබෑවක් ම ය

Thursday, September 15, 2011

ජනාධිපතිගේ දුවත් අපේ පන්තියේ

පසුගිය කාලයේ ටික දවසක්  මම 6 පන්තියට, "සිවික්" කියල කෙටියෙන් කියන පුරවැසි අධ්‍යාපනය කියන විෂය කලා. ඒකෙ තියනවා 'මම කවරෙක්ද' කියල පාඩමක් කරන්න. ඉතින් පාඩම පටන් අරන් මම ළමයින්ගෙන් ප්‍රශ්න අහන්න පටන් ගත්තා. මම සාමාන්‍යයෙන් පන්තියේ උගන්න්නකොට ළමයි ව කතා කරවන්නන ප්‍රශ්න අහනවා; මම දේශනයක් දෙනවා වගේ පාඩම කරන්න කැමති නැති නිසා. ඒ නිසා මම එක එක ළමයාගෙන් ඒ  ළමය ගේ විස්තර, රුචි අරුචි කම්, ගති ගුණ මේ ව ගේ ප්‍රශ්න ඇහුව.  ඒත් ළමයින්ගේ සහභාගිත්වය  මදි වගේ පෙනුන නිසා මම කිව්වා, හොඳයි මම ඉස්සෙල්ල  කියන්නම් මම කවුද කියල, ඕගොල්ලෝ මගෙන් ප්‍රශ්න අහන්න ඕන කියල . ඊට  පස්සේ ළමයි කතා  කරන්න පටන් ගත්තා. දැන් ළමයි මගේ නම ගම අම්මා තාත්තා,   වයස, අරව මේවා ඔක්කොම අහන්න පටන් ගත්තා.ඔය අතරේ හිටපු කට කාර ළමයෙක් තාත්තගේ  නම ඇහුව . මම කිව ජෝර්ජ් කියල. එක පාරටම මේ ළමය ජෝර්ජ්  බුෂ් ද කියල හිනා වෙන්න පටන් ගත්තා. මටත් ඉතින්  හිනා ගිහින් ඊට  පස්සේ දිගටම මම පාඩම කරගෙන ගියා. 

අයෙත් දවසක් පාඩම කරගෙන යනකොට ඔය කටකාර ළමයාගේ වැරද්දක් අහු උනා. දැන් නම් මතක නැ මොකද්ද කියල. මම  කෝටුවක් අතට අරන් ඒ ළමය ලගට ගිහින් ගහන්න ගියා. එතකොට මේ ළමය හිනා වේවි කියනවා  "කොච්චර ශෝක් ද,  ජනාධිපතිගේ දුව ගෙන් ගුටි කන එක" කියල. මට දැන් සැර කරන එකත් අමතක වෙලා හිනාව නවත්ත ගන්න බැරුව ගියා. 



ඔය පන්තියේ ඉන්න  කට කාර දග කාර එකම ළමයත් එයා  විතරක්  නෙමේ. මුළු පන්තියම හරිම දඟයි. හැබැයි  ඒ දගකාරකම් දැක්කම මාර ආසා හිතෙනවා. ළමයිත් හොඳට  දන්නවා මට ටක් ගාල හිනා යනවා කියල. ඉතින්  බය නැතුව මගෙත් එක්ක එකට එක කියනවා. ඉස්කෝලේ ලොකු පන්තිවල පිරිම ළමයි හොරෙන් කරන වැරදි ( සිගරට් බොන ඒවා , ගුරුවරුන් ට බනින ඒවා ) ඔක්කොමත් මගේ අතින් ඇවිත් කියනවා. ඒ වෙලාව මම ඒවා සද්ද නැතිව අහගෙන පස්සේ බොරුවට බැනල එලව ගන්න වා ( හි හි කේලම් අහන එක හොඳ වැඩක් නෙමේ නේ )  ළමයින්ට ගහන්න ගියොත් ඉතින්  මාවම තමයි  වෙලාවකට බයිට් වෙන්නේ. සමහර දවසට ළමයි පොත් අමතක කරලා එනවා. පොත් ගෙනාවේ නැති අය නැගිටින්න කිව්වම ළමයි නැගිටිනවා. මම සමහර දවසට් ඒ වෙලාවට ගුටි දෙනවා ( ගහන එක වැරදි වැඩක්,  එත් නොකර බෑ. මේ ඉස්කෝලෙට  එනකොට මම දැකපු දේ තම හැම ගුරුවරයාම කෝටුවක් වන වනා තමයි පන්ති වලට යන්නේ. කෝටුව නැත්තන් ළමයි මෙල්ල කරගන්න බෑ කියන මතය තිබ්බ . ඉතින් අනිත් ගුරුවරුන්ගෙන් මට ලැබුන උපදේශයත්  කෝටුවක්  අරන් යන්න කියල. ) මෙහෙමෙ ගුටි කලා ඉවර වුනාම ගුටි කාපු එකෙක් දෙන්නෙක් හිනා වේවි කියනවා  මැඩම් අපි පොත
ගෙනාවා කියල මට පොත පෙන්නනවා, ගුටි කන්න බොරු කියන ළමයි  කෝටුවෙන් මෙල්ල  කරන්න ගිහාම ඉතින් මම ම තම බයිට් වෙලා තියෙන්නේ. දැනුත් මම ඒ පන්තියට යනවා. හරිම දඟයි  වගේම තම පන්තියේ වැඩ ත් හොඳට කරනවා. මොනවා හරි වැඩක් නොකරපු වෙලාව මම කියනවා, "මම මේ පන්තිය කරන්න වෙන මැඩම් කෙනෙකුට දෙනවා මම දෙන වැඩ කරගෙන එන්නේ නැත්තන්" කියල. එතකොට ළමයි ඉතින්  මාව ශේප් කරගන්න  අරව මේවා කියනවා. දවසක් මම ඇහුවම මොකටද මට මේ පන්තියෙන් යන්න එපා කියන්නේ කියල,  එක ළමයෙක් කියනවා මැඩම් ගහන ගුටි  රිදෙන්නේ නැති නිසා කියල. හ්ම්ම් දැන් මේ ගුටි කතා දැකල කවුරු හරි මට නඩුත් දායි ද දන්නේ නෑ.