Saturday, November 27, 2010

Your Love...

Suddenly
I started writing about love
you came in to my mind
You are the one
who played with me
when I was small child
You are the one
who showed me
the beauty of sky
when its full of starts
You are the one
who showed me
the reddish mountain
when its set fire by people
And then you told me
Oh.. innocent  rabbits hidden under the bushes
So I began to think about
innocent rabbits !

Friday, November 26, 2010

පළපුරුද්ද…

මේ දවස් වල ඉස්කෝලේ විභාගේ. ඉතින්  මට ත් දවස් දෙකක්ම විභාග ශාලාවේ වැඩ කරන්න සිද්ධ උනා. පොඩ්ඩ එහා මෙහා වුන ගමන් ළමයි කොපි කරනවා. අතරින් ලමයි දෙන්නෙක් වැඩිපුරම කතා කරනවා මට පෙනුනා. බැරිම තැන මන් දෙන්නගේ ලඟට ගිහින් දෙන්නගෙ  ඔලුවට හිමින් ගැහුවා " මොකද කතා කරන්නේ" කියල අහන ගමන්.  


මට මගේ  ඉස්කෝලේ යන කාලේ මතක් උනා. මම ඉස්කෝල  දෙකකට ගිහින් තියනවා. එකක් ගෙවල් වලට කිට්ටු ග්‍රාමීය ඉස්කෝලයක්. අනික නගරයේ ජනප්‍රි ඉස්කෝලයක්.  ගමේ ඉස්කෝලෙට යද්දී වුන සිද්ධියක් මට මතක් වෙනවා. ඒකත් විභාගේ දවස් වල කතාවක්.

මට සමාන්‍යයෙන් එතරම් හොඳට ලියන්න බැහැ. ( එහෙම තමයි මම මන් ගැන හිතාගෙන ඉන්නේ ). පොඩි  කාලේ රචනාවක් ලියාගෙන යන්න ඕන උනාම තාත්තට කියනවා. තාත්ත වාක්‍යයෙන් වාක්‍ය කියවනවා. මම ඒක ලියනවා. ඔහොම තමයි  මන් රචනා ලිව්වේ. හරිම කම්මැලියි ලියන්න. කැම්පස්  එකේදිත් දෙන assignment එහෙම ලේසියෙන් කරන්නේ නෑ.

මම ඒකාලේ  පහේ පන්තියේ හරි හයේ පන්තියේ හරි හිටියේ. මන් ළඟ තිබුන 'සතර' පොතක තිබුණු රචනා වගයක් , එක එක මාතෘකා යටතේ ලියවුන ඒවා . පොතේ කෑලි තමා තිබුනේ, රචනා ටික වෙනම. එදා විභාගේ දවසක්. අපි විභාගෙට යනකොට file එකකුත් ගෙනියනවා. එදා තිබුනේ සිංහල. ඉතින් සිංහල විෂයට රචනාවක් අනිවාර්යයෙන්ම තියනවනේ. මම කොහොම හරි මගේ file ඒක ඇතුලට ඔය රචනා ටික දාගත්ත. ඒක විභාගෙට කලින්ද නැත්නම් විභාගේ යන අතරද කළේ කියල හරියටම මතක නෑ. ඔන්න දැන් මම කොපි කරන්න තමයි ලෑස්ති. ඊට කලින් මන් ගැන තව දෙයක් කියන්න ඕන. මන් තමා හැමදාම පන්තියේ පළවෙනිය වෙන්නේ. සාමාන්‍යයෙන් මම ඉස්කෝලේ  හිටිය හොඳම, කැපී පෙනෙන සහ විනී ළමයෙක්. ඉතින් ගුරුවරු හැමෝමත්  මට ආදරෙයි.  

ඔන්න ඉතින් විභාගේ පටන් ගත්ත, ප්‍රශ්න පත්තරේ දැක්කම මල් හතයි. මන් ළඟ  තියන එක රචනාවක් ඒකෙ මාතෘකාවකට හොඳට ගැලපෙනවා. ඒකෙ තිබ්බේ මගේ රට සම්බන්ධව මාතෘකාවක්. ඉතින් මම අර කොපි කරන්න දාගත්ත   රචනාවෙන් දැන් කොපි  කරා වාක්‍ය කීපයක්. අතරේ මට මාර බයයි , අහුවුනොත් මගේ කාඩ් කුඩු නේ. හැබැයි ඉතින් මාව එදා කාටවත් අහු උනේ නෑ. කවුරුත් හිතන්නේ  වත් නැනේ මම වගේ ළමයෙක් කොපි  කරයි කියල.

ඊට  පස්සේ අපේ report card හම්බ උනා. හ්ම්ම්... මට ලකුණු 92 ක් සිංහල වලට තිබ්බ! හැමදාම වගේ එදත් මන් පන්තියේ පළවෙනිය :).

අපේ ඉස්කෝලේ වාරයක් ඉවර උනාම නිවාඩු දෙන්න කලින් දවසේ ගුරුවරුන්ට වඳින සිරිතක් තිබුන. ඉතින්  වාරෙත්  අන්තිම දවසේ මං staff room එකට ගිහින් ගුරුවරුන්ට වඳින ගමන් අපේ සිංහල  ටීචර් ටත් වැන්ඳ. එතකොට ටීචර් කිව්වා "බොහොම හොඳයි මේ පාර  විභාගෙටත් හොඳට ලියල තිබ්බ" කියල. ඉතින් මම සද්ද නැතිව staff room එකෙන් එලියට ආව. ( ටීචර් දන්නේ නැනේ මගේ හැටි මමනේ ඒක  දන්නේ ! ). හැබැයි ඉතින්  ඊට  පස්සේ නම් මන් ආය කවදාවත් කොපි  කරේ නම්  නෑ.
දැන්  ඉතින් ළමයි කොහොමද  මට හොරෙන් කොපි කරන්නේ. මොකද මටත් ඕකේ පල පුරුද්ද එක දවසකට හරි  තියනවනේ !!!