Tuesday, December 6, 2011

බල්ලන්ගෙන් එස්කෝට් එකක්.....


මේ කතාව මට මිට අවුරුදු  12 ට  විතර කලින් වුන සිද්ධියක්.... මම දවස් වල එක පාඨමාලාවක් කරන්න කොළඹ ක්ලාස්  ගියා. ක්ලාස් තිබුනේ සති අන්තයේ. ඉතින් සාමාන්යෙන් කරන්නේ සති අන්තේ කොළඹ ගත කරලා  සඳුදා උදේ ගෙදර එන එක. සමහර දවසට ඉරිදට ක්ලාස් එකෙන් කලින් පැනල ඉරිදා හවස ගෙදර එන වෙලාවලුත් තියනවා . එහෙම එන දවසට නම් ගෙදර එද්දී හොඳටම රෑ වෙනවා. මේ නිසා මට ඉරිදට  ගෙදර එන එක ගෙදරින් තහනම් කරලා තිබ්බේ. එත් මම කොළඹ වැඩිපුර නවතින්න කැමති නෑ, රෑට තියන රස්නෙයි  මදුරුවෝයි නිසා. අනිත් එක නැවතුන  තැනත් එතරම් පහසුකම් තිබ්බේ නෑ . මේ නිසා පුළුවන් තරම් බැලුවේ ඉරිදට ගෙදර එන්න තමයි.
 
මේ විදියට දවසක් ඉරිදා  හවස ගෙදර එන්න අවා. බස් එකේ එද්දී බස් එක මගදී කැඩුන.ඊට පස්සේ ගොඩක් වෙලාවක් ගත උනා  බස් එක  හදාගෙන ආයෙත් ගමන  පටන් ගන්න . මේ නිසා වෙනද ගෙදර එන වෙලාවට නම් කොහොමත් එන්න ලැබෙන්නේ නෑ  ගොඩක් රෑ වුන නිසා. හොඳටම රෑ  වෙලා නිසා ගෙදර යන්න බයයි හොඳටම බැනුම් අහන්න වෙනවා. මේ නිසා මන් තීරණය කරා  ගෙදර යන්නේ නැතිව මාම ලගේ ගෙදර යන්න . එක හේතුවක් තමා එහෙ ගෙදරට වඩා  ලගයි අනිත් හේතුව රෑ වෙලා ගියාට බැනුම් අහන්න වෙන්නේ නෑ  මම හිතා  ගත්ත මාම ලගේ ගෙදරට පයින් හරි ත්‍රි විල් එකක හරි යනවා කියල. පයින් යන්න හිතුවට එහෙ තියෙන්නේ පයින් යන දුරකත් නෙමේ.  එත් එක ෂෝර්ට් කට්  එකක් තිබුන එහෙට යන්න.

දැන් අර  මාම ලගේ ගෙදරට යන පාර  පටන් ගන්න  හන්දිය ලගට බස් එක ආවාම එතනින් බැස්ස. දැන් ත්‍රි විල් එකක  යන්න පොඩි බයක් තියනවා රෑ නිසා.   මේ නිසා මාම ලගේ ගෙදරට දුර උනත් පයින්ම යන්න තිරණය කරා.  දැන් වෙලාව රෑ දහයත් පහු වෙලා.

මාම ලගේ ගෙවල් වල යන ෂෝර්ට් කට්  එක මම තෝරා ගත්ත, ඒක බිංගෙයක් ඇතුලෙන් යන්න ඕන ගමනක්ටිකක් දුර මේ විදපු ගල් බින් ගෙය ඇතුලෙන් යන්න ඕන අන්තිම  කෙලවරේ ලයිට්  දාල තියනව මේ බින්ගේ  ඇතුලේ දවස වල. ඔන්න මන් දැන් බීන්ගේ ඇතුලෙන් ඉක්මනින්  ඇවිදගෙන යනවා. නරකම නෑ රෑ ගමනේ පොඩි ගතියකුත් තියනවා. දැන් බින් ගේ පහුකරන කොටම ත්‍රි වීල් එකක්  ඇවිත් මන් ලගින් නතර කළා .( හපොයි ....!) නතර කරලා මට කතා කරා නගින්න කියල. ..... !දැන් මම හොදටම බය වෙලා බින්ගේ ඉවර උන තැන පාරවල් දෙකක් දෙපැත්තට  බෙදෙනවා . මම වෙලාවේ බය නිසාම යන්න ඕන පාරට නෙමේ අනිත් පාර පැත්තට හැරුන. ඊට  පස්සේ ත්‍රි විල් එකේ හිටපු අය කියනවා ඇහුන "බයවෙලා... බයවෙලා" කියල. එහෙම කියල ත්‍රි වීල් එක යන්න ගියා.

හ්ම්ම්ම්ම් දැන් එකකින් බේරුනා දැන් අයෙත් පාර දිගේ ඉස්සරහට  යන්න ඕන. දැන් යන්න ඕන හරි පාරට ඇවිත් දිගටම  යනවා යනවා ඉවරයක්  නෑ. මෙහෙම යනකොට තමා තේරුනේ හිතපු  තරම් ගමන කෙටි නෑ මේක පයින් යන්න පුළුවන් ගමනක් නෙමේ කියල. දැන් කරන්න දෙයක් නෑ . පාරේ දෙපැත්තේ ගෙවල් වල ලයිට්  එළියක් වත් පෙන්න නෑ. මිනිස්සු හැමෝම  නිදි පාටයිහොඳ වෙලාවට එදා ටිකක් පාරේ  එලිය තිබුන දවසක්ඉක්මනින් යන්න ඕන නිසා මම දුවන්න පටන් ගත්ත පාරදිගේ

ටික වෙලාවක් යනකොට මට ටිකි ටිකි ටිකි ටිකි ගාල  සද්දයක් ඇහෙනවා. මන් පිටි පස්ස හැරිලා බැලුව . මගේ පිටි පස්සෙන් බල්ලෝ පස් හයදෙනෙක් දුවගෙන එනවා. මන් අහල තියනව දුවන කොට බල්ලෝ හපන්න එනවා කියල නිසා මන් නැවතුන . . පාර බල්ලෝ ටිකත් නැවතුන . මට පරක්කු වෙන නිසා මම ආයෙත් දුවන්න පටන් ගත්ත එතකොට බල්ලොටිකත් මගේ පස්සෙන් දුවගෙන එනවා මම නවතින කොට නවතිනවා මාම දුවනකොට පස්සෙන් දුවගෙන එනවා. ඔන්න දැන් නම් මට හිනත් යන්න එනවා මේ විහිලුවට . ඔය අතරේ මග දිගේ අලුත් බල්ලෝ එකතු වෙනවා . මෙහෙම නැවතී නැවතී ටික දුරක් ඇවිත් ගේ ලග ඇවිත් බලනකොට බල්ලෝ ටික පේන්න  හිටියේ නෑ. 
 
දැන් ගෙවල්  කිට්ටුවට ආවම තමා පොඩි සැනසීමක් හිතට අවේ. ඔන්න දැන් මම මාමලාගේ ගෙදරට ඇවිත් වෙලාව 12 ලඟයි.  ගෙදර අයට කතා කරලා දොර ඇර ගත්ත. දැන් ගෙදර අයට හිතා ගන්න බෑ මම කරපු මේ වැඩේ ගැනරෑ 12    විතර තනියම ආපු එක ගැන. මල්ලිත් නිකන් ඇස දෙක උඩ ගිහින් මම දිහා බලාගෙන හිටිය , මමත් නිකන් වීරයෙක් වගේ මල්ලි දිහා බලාගෙන හිටිය.. ( හි හි ) මොකද මල්ලි පොඩි කාලේ ටිකක් බයගුල්ල. එදා රෑ  නැන්දටයි  මාමටයි නින්ද ගිහින් නෑ උදේ  වෙනකන්මමම කරපු වැඩේ ගැන කල්පනා කරලා. ඒත් ඉතින්  රෑ වෙලා ආව  කියල බැන්නෙත් නෑ. :)  ඊලග  දවසේ  අර වීල් එකේ අය නැන්දට  හම්බ වෙලා කිව්වලු මම රෑ එනවා දැක්ක ගොල්ලෝ කතා කරා වෙලවේ මම හොඳටම බය වෙලා හිටිය කියල

Tuesday, October 11, 2011

රවටන්නෝ...

ඔබ නොකියන 
මා නොදන්නවා යයි ඔබ සිතන
"සත්‍යය"
මම දනිමි
මම නොඅසමි
ඔබෙන්
"එය ඇත්ත ද ? "
නුඹ ම රැවටුන දෙන්
රවටන්නෝ රැවටෙත් යනු සැබෑවක් ම ය

Thursday, September 15, 2011

ජනාධිපතිගේ දුවත් අපේ පන්තියේ

පසුගිය කාලයේ ටික දවසක්  මම 6 පන්තියට, "සිවික්" කියල කෙටියෙන් කියන පුරවැසි අධ්‍යාපනය කියන විෂය කලා. ඒකෙ තියනවා 'මම කවරෙක්ද' කියල පාඩමක් කරන්න. ඉතින් පාඩම පටන් අරන් මම ළමයින්ගෙන් ප්‍රශ්න අහන්න පටන් ගත්තා. මම සාමාන්‍යයෙන් පන්තියේ උගන්න්නකොට ළමයි ව කතා කරවන්නන ප්‍රශ්න අහනවා; මම දේශනයක් දෙනවා වගේ පාඩම කරන්න කැමති නැති නිසා. ඒ නිසා මම එක එක ළමයාගෙන් ඒ  ළමය ගේ විස්තර, රුචි අරුචි කම්, ගති ගුණ මේ ව ගේ ප්‍රශ්න ඇහුව.  ඒත් ළමයින්ගේ සහභාගිත්වය  මදි වගේ පෙනුන නිසා මම කිව්වා, හොඳයි මම ඉස්සෙල්ල  කියන්නම් මම කවුද කියල, ඕගොල්ලෝ මගෙන් ප්‍රශ්න අහන්න ඕන කියල . ඊට  පස්සේ ළමයි කතා  කරන්න පටන් ගත්තා. දැන් ළමයි මගේ නම ගම අම්මා තාත්තා,   වයස, අරව මේවා ඔක්කොම අහන්න පටන් ගත්තා.ඔය අතරේ හිටපු කට කාර ළමයෙක් තාත්තගේ  නම ඇහුව . මම කිව ජෝර්ජ් කියල. එක පාරටම මේ ළමය ජෝර්ජ්  බුෂ් ද කියල හිනා වෙන්න පටන් ගත්තා. මටත් ඉතින්  හිනා ගිහින් ඊට  පස්සේ දිගටම මම පාඩම කරගෙන ගියා. 

අයෙත් දවසක් පාඩම කරගෙන යනකොට ඔය කටකාර ළමයාගේ වැරද්දක් අහු උනා. දැන් නම් මතක නැ මොකද්ද කියල. මම  කෝටුවක් අතට අරන් ඒ ළමය ලගට ගිහින් ගහන්න ගියා. එතකොට මේ ළමය හිනා වේවි කියනවා  "කොච්චර ශෝක් ද,  ජනාධිපතිගේ දුව ගෙන් ගුටි කන එක" කියල. මට දැන් සැර කරන එකත් අමතක වෙලා හිනාව නවත්ත ගන්න බැරුව ගියා. 



ඔය පන්තියේ ඉන්න  කට කාර දග කාර එකම ළමයත් එයා  විතරක්  නෙමේ. මුළු පන්තියම හරිම දඟයි. හැබැයි  ඒ දගකාරකම් දැක්කම මාර ආසා හිතෙනවා. ළමයිත් හොඳට  දන්නවා මට ටක් ගාල හිනා යනවා කියල. ඉතින්  බය නැතුව මගෙත් එක්ක එකට එක කියනවා. ඉස්කෝලේ ලොකු පන්තිවල පිරිම ළමයි හොරෙන් කරන වැරදි ( සිගරට් බොන ඒවා , ගුරුවරුන් ට බනින ඒවා ) ඔක්කොමත් මගේ අතින් ඇවිත් කියනවා. ඒ වෙලාව මම ඒවා සද්ද නැතිව අහගෙන පස්සේ බොරුවට බැනල එලව ගන්න වා ( හි හි කේලම් අහන එක හොඳ වැඩක් නෙමේ නේ )  ළමයින්ට ගහන්න ගියොත් ඉතින්  මාවම තමයි  වෙලාවකට බයිට් වෙන්නේ. සමහර දවසට ළමයි පොත් අමතක කරලා එනවා. පොත් ගෙනාවේ නැති අය නැගිටින්න කිව්වම ළමයි නැගිටිනවා. මම සමහර දවසට් ඒ වෙලාවට ගුටි දෙනවා ( ගහන එක වැරදි වැඩක්,  එත් නොකර බෑ. මේ ඉස්කෝලෙට  එනකොට මම දැකපු දේ තම හැම ගුරුවරයාම කෝටුවක් වන වනා තමයි පන්ති වලට යන්නේ. කෝටුව නැත්තන් ළමයි මෙල්ල කරගන්න බෑ කියන මතය තිබ්බ . ඉතින් අනිත් ගුරුවරුන්ගෙන් මට ලැබුන උපදේශයත්  කෝටුවක්  අරන් යන්න කියල. ) මෙහෙමෙ ගුටි කලා ඉවර වුනාම ගුටි කාපු එකෙක් දෙන්නෙක් හිනා වේවි කියනවා  මැඩම් අපි පොත
ගෙනාවා කියල මට පොත පෙන්නනවා, ගුටි කන්න බොරු කියන ළමයි  කෝටුවෙන් මෙල්ල  කරන්න ගිහාම ඉතින් මම ම තම බයිට් වෙලා තියෙන්නේ. දැනුත් මම ඒ පන්තියට යනවා. හරිම දඟයි  වගේම තම පන්තියේ වැඩ ත් හොඳට කරනවා. මොනවා හරි වැඩක් නොකරපු වෙලාව මම කියනවා, "මම මේ පන්තිය කරන්න වෙන මැඩම් කෙනෙකුට දෙනවා මම දෙන වැඩ කරගෙන එන්නේ නැත්තන්" කියල. එතකොට ළමයි ඉතින්  මාව ශේප් කරගන්න  අරව මේවා කියනවා. දවසක් මම ඇහුවම මොකටද මට මේ පන්තියෙන් යන්න එපා කියන්නේ කියල,  එක ළමයෙක් කියනවා මැඩම් ගහන ගුටි  රිදෙන්නේ නැති නිසා කියල. හ්ම්ම් දැන් මේ ගුටි කතා දැකල කවුරු හරි මට නඩුත් දායි ද දන්නේ නෑ.

Saturday, March 19, 2011

ස්වාමි පුරුෂයාට පින්දෙන ගාථාව

කැම්පස්  එකේ විභාගේ ට තව තියෙන්නේ සතියක කාලයක්. තාම පාඩම් කරන්න පටන් අරගෙනත් නෑ . එත් ඉතින්  හිතට ආපු මේ  කතාව කෙටියෙන් ලියල දාන්න හිතුන.

මම පොඩි කාලේ ගෙදරදී හවසට පන්සිල් ගැනීම අනිවාර්ය දෙයක් වෙලා තිබුන. ආච්චි පන්සිල්  ගන්න වෙලාවට අපිත් බුදු පහන ලඟට එකතු වෙන්න ඕන. එතන පොඩි බුදු පිලිමෙකුයි බුදු හමුදුරුවොන්ගෙයි  දෙවියන්ගෙයි පින්තුර වගයකුත් තිබුන  . මේ පන්සිල්  ගන්න වැඩේ මට නම් අල්ලන්නෙම නෑ .හරියට  මේකත් නිකන් එක්තරා ආකාරයක දඩුවම් කිරිල්ල වගේ තාම දැනුනේ . එත් ඉතින්  බැනුම් අහන්න වෙන නිසා බයටම පන්සිල් ගන්නවා හැමදාම .සමහර දවස් වලට අපි පොඩි   අය තුන් දෙනෙක් ක් විතර ගෙදර හිටිය පන්සිල් ගන්න වෙලාවේ , අපි හය්යෙන් තරගෙට පන්සිල් අරගෙන ඒ දවස්වල බැනුම් අහගෙනත් තියනවා ඒ වෙලාවට  අපිට අයෙත් මුල ඉඳල  පන්සිල් ගන්න වෙනවා.

හැමදාම  පන්සිල් ගන්න නිසා ආච්චි කියන ගාථා කනට  ඇහිලාම ඒ ව කටපාඩම් හිටිය. කොහොමත් මේ ගාථාවල තේරුම  නම් දන්නේ නැ. මේවා කනට ඇහිලා පාඩම් වුනු ගාථා නිසා සමහර ගාථා කියන්නේ වැරදියට කියල පස්සේ කාලෙක තේරුම් ගියේ දහම්  පාසල් පොතේ ඒ ගාථා කියවනකොටයි. ආච්චි පන්සිල් ගන්න ගිහාම සෑහෙනවෙලාවක්  ගාථා කියවනවා .  පන්සිල් අරන් ඉවර වෙලා අන්තිමට ආච්චි දෙවියන්ට පින්දෙනවා . හැබැයි ඉතින් එතනින් නතර වෙන්නේ නෑ. ආච්චි හදා ගත්ත තව ගාථාවක් තිබ්බ ස්වාමිපුරුෂයාට පින්දෙන ( ආච්චිගේ ස්වාමිපුරුෂය ඒ කියන්නේ අපේ සීය, එයා ඒ දවස් වල මිය  ගිහින් ) , ඒ ගාථාවේ  ස්වාමිපුරුෂයාට අමතරව තව නම්  දිග ලිස්ට් එකක් තියනවා , පුතාල දුවල බැනල මේ ඔක්කොම ඒ පින් දෙනලිස්ට් එකට ඉන්නවා  . හැබැයි ඒ ලිස්ට් එකේ හිටපු නැති කට්ටියකුත් හිටිය ඒතමයි ආච්චිගේ ලේලිලා ටික.  මේ ගාථාව පටන් ගන්නේ මෙන්න මෙහෙමයි . " මගේ  ස්වාමිපුරුශයටත් පුත්තුරු  හතර දෙනාටත්  දුවරු හය දෙනාටත් මුනුපුරන්ටත් මිනිපිරියන්ටත් මේ පිනෙන් කොටසක් අයිති වෙත්වා  .. ..." මේක ටිකක් දිග ගාථාවක් එත් මට දැන් මතක නෑ. ඉතින්  මම කිව්වනේ අපි ආච්චි කියන ගාථා අහල තමයි ඒවා කට පාඩම් කරගත්තේ කියල .. ගාථා දන්නේ නැති පොඩිම පොඩි
කාලෙ කලේ ආච්චි ළඟ ඉඳගෙන  වැදගෙන කියන ගාථා අහගෙන ඉන්නවා  . ටික දවසක් යනකොට ඒවා ඔක්කොම ආච්චි  කියන පිළිවෙලටම කියන්න පුළුවන් වුනා . ඉතින් පොඩි කාලේ පන්සිල් ගන්න කොට  මාත්  ආච්චි කියන ගාථා ටික ඔක්කොම කියවනවා අර ස්වාමිපුරුෂයාට පින්දෙන ගාථාවත් ඇතුළුව :)   හි හි පොඩි කලේ ඉඳලම  පින්දෙන නිසා ස්වාමිපුරුෂයාගේ පින් අකවුන්ට් එකට පින් ගොඩක් එකතු වෙන්න ඇති. ඔය ගාථාවේ තේරුම තේරුම් ගන්න කාලයක් ගියා. ඊට  පස්සේ ඉතින්  ඔය ගාථාව කියන එක නතර කරලා දැම්ම . පස්සේ කාලෙක පන්සිල් ගනිද්දී ගාථා දිගට කියාගෙන යන්නේ නැතිව ෂොට් ෆෝම් වලින් කියන්න පුරුදු වුනා. එහෙම කරලා පන්සිල් ගන්න කාලේ අඩු කලා ,ඊටපස්සේ  ටිකෙන් ටික හවසට පන්සිල් ගන්න එක ඇත ඇරලම දැම්ම.

Monday, January 24, 2011

හයේ පන්තියේ පිරිමිකම

ඉස්කෝලේ ළමයි අතර තියන රන්ඩු නම් කෙළවරක් නෑ. හැම දාම පැමිණිලි  , මෙයා මට ගැහුව, මෙය මගේ බැග් එක බිම දැම්ම.. මගේ පොත හොරකම්  කරලා... අද හවස ගෙදර යනකොට මට ගහනවා කිව්වා... මගේ මේසෙ මෙයා අරගෙන .. මේවා හරිම සුලබ පැමිණිලි. ඒවා විභාග කරන්න ගියාම කව්ද වැරැද්ද කරේ කියල හොයා ගන්න හරිම අමාරුයි. එකටත්  එක්ක දෙපැත්තටම සපෝර්ට් කරන්නත් කට්ටිය ඉන්නවා. සමහර ළමයි තව කෙනෙකුට දඩුවම් කරවන්නම බොරු  පැමිනිලි කරන වෙලාවල්  තියනවා .. 

අද එක පන්තියක පීරියඩ් එකක් ඉවර  වෙලා අනික්  පන්තියට කොරිඩෝර් එක දිගේ  යන කොට එතන තිබුන  6 යේ පන්තියකින් පැමිණිල්ලක් අව . මැඩම්.. චැලේන්ජ් කරලා මේ දෙන්න ගහගෙන .. එක  ළමය ඩෙස්ක් එකක් මුණ ඔබගෙන මොනවදෝ වෙලවගේ හිටිය නිසා මම නැවතුන . ඒ ළමයාගේ අත රතු වෙලා තියනවා ගුටිකාලා . මම ඇහුව කව්ද ගැහුවේ.. "මෙයා ගැහුවේ" අනික් ළමයි තව ළමයෙක්ව පෙන්නලා උත්තර දුන්න ..නෑ මැඩම් මෙයා ඉස්සෙල්ල  ගැහුවේ.. න මඩම් මෙය ගැහුවේ.. දැන් ඉතින්  දෙපැත්තටම සපෝර්ටර්ල  කරුණු පැහැදිලි කරනවා  ගහගත්ත එක ළමයෙක් කිව්වා මැඩම් මෙයා චැලේන්ජ්  කරා පිරිමියෙක්  නම් ගහන්න කියල. ඉතින් මේක 6 යේ පන්තියේ පිරිමිකම පෙන්නන්න ගිය ගුටි කෙලියක් ..

Monday, January 17, 2011

අන්තිම මොහොතේ වැඩ

ඕනෑම දෙයක් හොඳට සැලසුම් කරලා කල් ඇතුව කරන එක හොඳ දෙයක් ලුනේ. එත් ඉතින්  මගේ  නම් ගොඩක් වැඩ තියෙන්නේ අන්තිම මොහොතේ තමයි. උදෙන්ම නැගිටින්න ගියත් නැගිටින්නේ අන්තිම මොහොතේ. උදේ 5.45 ට නැගිටින්න ඕන නම් එලාම් එක 5.15 ලට තියල 6 ට ඇහැරෙනවා. කැම්පස් එකේ assignment කරන්නෙත් දෙන්න ඕන දවසට කලින් ද රැයි. කලබලේට ලියල දෙන assignment එක අපේ සර් කොහොම කියව ගන්නවද කියල දෙය්යෝ තමා දන්නේ. එහෙම ලියපු එකකට මට ලඟදි 20 න් 15 ක් ම ලකුණු දීල තිබ්බ. හි හි  පුදුමයි ඒත් ඇත්තයි. assignment විතරක් නෙමේ . විභාගයකට පාඩම් කරන්න තියනවනම් අන්තිම දවසේ එලි වෙනකම් ඇහැරලා ඉඳල පාඩම් කරනවා සිලබස් කවර කර ගන්න. අනිත් ළමයි මාස ගානක් තියල පාඩම් කරලා අන්තිම දවසේ ෂොට් නෝට්ස් කියවනකොට මම අන්තිම දවසේ ෂෝර්ට් නෝට්ස් ගගහ පාඩම් කරනවා. අද ටීච කෙනෙක් නම් වෙනස් කතාවක් කිව්වා. ඔය ගොඩක් ප්ලැන් කරලා කලින්ම ලෑස්ති වෙනවා උගන්නන්න අන්තිමට ඇත ඇරලා දානවා කියල . අත ඇරලා දැම්ම නම් මට මතක නෑ ඒත් ඉතින්  ළමයින්ට නෝට්ස් දෙන්න මගේ වැඩේ නෝට්ස් හදන එක ෆ්‍රී වෙලාවට. මේකත් දැන් අන්තිම දවසේ කරන පුරුද්දක් ඇති වෙලා දන්නෙම නැතිව. නිවාඩු කාලයක් තිබ්බ නෝට්ස් හදන්න මතක් උනේ නෑ. මතක් උනේ ඉස්කෝලේ පටන් ගන්න හෙට කියල. හැබැයි මේ අන්තිම මොහොතේ වැඩ ඇඟට ගුණ නැති උනාට මට අල්ලලා යන්නෙත් ඒකම තමයි. මම O /L පන්තියේ ඉන්නකොට  එක විභාගයකදී ප්‍රශ්න පත්‍රය පටලාගෙන එක ගානක් වෙනම එකක් කියල ගණන් ටීචර් ගෙන් අන්තිම මොහොතේ  දැනගත්ත . දැනගෙන විනාඩි 2 කින්  3 කින් විතර ඒ ගාන අන්තිමට හැදුව. අන්තිමට පේපර් එකේ ලකුණු බලනකොට කලබලේට අන්තිමට හදපු ගානට විතරක් සම්පුර්ණ ලකුණු තිබ්බ. අපේ ගණන් ටීචර් මට කිව්වා " ඔයාට හරි යන්නෙම කලබලේට අන්තිම මොහොතේ කරන වැඩ තමා " කියල. එත් සමහර වෙලාවට අන්තිම මොහොතේ වැඩ අනා ගන්න වෙලාවලුත්  තියනවා. දවසක් වර්ක්ෂොප් එකක් කරන්න ගියවෙලාවෙ පහන පත්තු කරන එකට ඕන "ඉටිපෙට්ටියයි  ගිනිපන්දමයි" කෝ කියල හොයන්න පටන් ගත්ත වචනත් පටලවාගෙන . වෙන කව්රු හරි ඒක ලෑස්ති කරලද කොහොද තිබ්බ නිසා හොඳට ගියා. සමහර දවස් වලට පරණ ඔෆිස් එකේ වැඩත් අන්තිම මොහොතේ කරන්න ගිහින් ඔක්කොම වැඩ නා ගන්න වෙලාවලුත්  තියනවා. අන්තිම මොහොතේ පටන් අරන් රැ හත අට වෙනකම් වැඩ කරපු වෙලාවලුත් තියනවා. මගේ ඔෆිස් එකේ වැඩකරන සමහර අයට ඉතින්  මේ නිසා මගෙත් එක්ක තරහ යන වෙලාවලුත් තියනවා. හැබැයි ඉතින් ගොඩක් වෙලාවට  ඒ අයවත්  අල්ලාගෙන මන් අන්තිම මොහොතේ වැඩේ කොහොම හරි ඉවර කර ගන්නවා.
හැබැයි ඉතින් මේ අන්තිම මොහොතේ වැඩ කරන එක නම් නරක පුරුද්දක් , මේක නැති කරගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි.

Thursday, January 13, 2011

අලුත් පන්තිය

බ්ලොග් එකක් පටන් ගත්තට මොකද ඒකට අලුත් පෝස්ට් දාන එක තමා දැන් තියන ගැටලුව. මගේ යාලුවෙක් නම් මේකට කිව්වේ රයිටර්ස් බ්ලොක් කියල ( හි.. හි..  මම මොන රයිටර් ද .. නිකමට බ්ලොග් එකක් පටන් ගත්ත මොනවා හරි ලිය ගන්න පුළුවන් වෙයිද  බලන්න) මේක ලියන්න දෙයක් නැතිකමද ලියල පුරුද්දක් නැති කමද දන්නේ නැ. මොකක් උනත් අද නම් මොනවා හරි ලියනවා කියල හිතාගෙන  තමා වැඩේට බැස්සේ


ඉස්කෝලේ  පටන්ගත්ත නිසා අයෙත් පුරුදු ජිවන රටාවට අවතීර්ණ උන. ( පුරුදු ජිවන රටාව කිව්වට ඉතින්  මේ මෑතක ඉඳල  තමා මේ ජිවන රටාව පටන් ගත්තේ. ) මම  හා හා පුරා කියල පන්ති බාර ටීචර් කෙනෙකුත් උනා අද . ඉතින්  ඉසිස්සෙල්ලම    උදෙන්ම පන්තියට ගියා. පන්තියේ ළමයින්ගේ නම්  ලකුණු කරලා පන්තිය අතුගාන්න පවරලා එහෙම පන්තිය හදා හදාගත්ත. ඊට පස්සේ පන්ති පිරිසුදු කිරීමට ළමයි බෙදල වෙන් කරා.  පන්තියට මොනිටර් කෙනෙකුත් පත් කර ගත්ත. මේ හෝල් එකේ පන්ති 4 ක් තිබ්බට තව පන්ති දෙකකට ටීචර්ලා   ඇවිත් නැ. මේ දේවල් කරන ගමන් ඒ පන්ති වල ළමයිනුත් හසුරුවගන්න සිද්ධ උන.
මම ඉතින් උගන්නට අසා උනාට ටීචර් කෙනෙක් වෙන්න නම් හිතලා තිබුනේ නෑ , ටීචර් කෙනෙක් වෙන්න ඒ තරම් ආසාවක් තිබ්බෙත් නැ. මන් හැම වෙලේම කියපු දෙයක් තමයි " මන් උගන්නන ආසයි එත් ටීචර් කෙනෙක් නම් වෙන්න ආස නැ" කියල  එත් මට හම්බ උන අලුත් පන්තියේ ළමයි කියන කරන දේ දැක්කම මට ළමයි ගැන සියුම් ආසාවක් ඇති උන . මට හම්බ උනේ 7 පන්තිය. පන්ති හදා ගන්න අතරේ එහා පන්තියේ ළමයෙක් මන්  ලඟට  ඇවිත් ඇහුව "මමත් මේ පන්තියට එන්නද "  කියල " ඇයි ඔයාගේ යාළුවා මේ පන්තියේද ඉන්නේ" " ඔව්". මේ පාර පන්ති වලට බෙදල තිබ්බේ ළමයින් ගේ ලකුණු අනුව. ඉතින් ගියපාර එකට හිටපු යාලුවෝ මේ පාර පන්ති දෙකකට වැටිලා  . ඊට  පස්සේ ඒ ළමය මගේ පන්තියේ එයාගේ යාළුවා ලඟට ගිහිල්ල ටික වෙලාවක් වාඩි  වෙලා ඉන්නවා මන් දැක්ක. අද උගන්නන්න  බැ පන්ති  හදා ගන්න තියන නිසා , තාම ළමයින්ට ඉස්කෝලෙන්  කාලසටහන් දීල තිබ්බෙත් නැ ඉතින්  ළමයිනුත් පොත් ගෙනත් තිබ්බේ නැ,   ළමය්නුත් ඇවිල්ල හිටියේ ටික දෙනයි. ළමයින්ට මගෙන් අහන්න ප්‍රශ්න ගොඩයි " මැඩම් ගේ නම මොකක්ද " " මම ...." "මැඩම්  ද අපිට සිංහල උගන්නනේ " " නැ සිංහල වලට වෙන මැඩම්  කෙනෙක් එයි " " මැඩම්  අපිට මොනවා ද කරන්නේ " "........" "මැඩම්  හැමදා ම  උදේම අපේ පන්තියට එනවා ද ? " "ඔව්" මේ වගේ ප්‍රශ්න වලට මන් උත්තර දුන්නේ අසාවෙන්" හරිම දඟ කාර ළමයි ටිකක්... නටන ඇස්..  " මට හිතුන. මේ අතරේ තව ටීචර් කෙනෙක් එහා පන්තියට ආව, ඒකෙ ළමයිනුත් අතුගාන වැඩ .. " මේ ළමයි ගේ මුණු දැක්කම මට ලමයි ගැන කියන්න පුළුවන්, හරිම ලෝකොත්ත්රයෝ  ටිකක් .. ඔයා සැරට ඉන්න "  වේවැලකුත්  අතේ තියාගෙන හිටපු  ඒ ටීචර් මට උපදෙස් දුන්න. වේවැලක් අරගෙන පන්තියට යන එක මේ
ස්කොලේ අනිවාර්ය දෙයක් වෙලා ..  මම පන්තියෙන් යන්න කලින් ළමයි මගෙන් ඇහුව " මැඩම් සෙල්ලම් කරන්න යන්නද ",  " එපා එපා පන්ති වලම ඉන්න  කියල තියෙන්නේ " එත් දැන්ම උගන්නන්න  පටන් ගන්නේ නැත්තන් මේ ළමයි මෙහෙම ගාල්  කරලා තියන්නේ  කොහොමද කියල මට හිතුන , ඒ නිසා හිත  කිවේ "එහෙනම් සෙල්ලම් කරන්න" කියන්න කියලයි  ඊට  පස්සේ ළමයි මට ආයෙත් ඇවිටිලි කරා "අනේ මැඩම් අනිත් පන්තිවල ඔක්කොම ළමයි සෙල්ලම කරනවා අපිත් යන්නම්" ළමයින්ගේ ඇස්  වල දඟ  කාරකම් නලියනවා .. මාව වට කරගෙන හේතු දාහක් ඉදිරිපත් කරනවා... සෙල්ලමට මයි හිත.. .ඊට පස්සේ මන් අන්තිමට අවසර දුන්න සෙල්ලම කරන්න .. "හැබැයි කවුරුත් ගෙවල් වලට යන්න බැ ... මන් පන්තියට ඇවිත් බලනවා "  ඉස්කෝලේ මේ සතියෙම උගන්නන පාටක් නැති පාටයි කාල සටහන් දෙන්නත් සුදානම් නැති  පාටයි ..  "කාල සටහන් නැති උනාට මම හෙට උගන්නන්න පටන් ගන්නවා හැමෝම හෙට  පොත් ගෙන්න ඕන" කියල මම පන්තියෙන් පිටත් උනා. හවස අයෙත් පන්තියට ඇවිත් බලන කොට පන්තියේ දෙන්නෙක් ම හොරෙන් ඉස්කෝලෙන්  පැනල ගිහින් තිබ්බ.

Sunday, January 2, 2011

නෑ කතා

අපි හැමෝටම විවිධාකාරයේ නෑයෝ ඉන්නවනේ , හොඳ නෑයෝ එපා වෙන නෑයෝ, දුප්පත් නෑයෝ, පොහොසත් නෑයෝ, දුර නෑයෝ, ළඟ නෑයෝ, කුහක නෑයෝ, හිතවත් නෑයෝ මේ විදිහට විවධ ආකාරයට වර්ග කරන්න පුළුවන්. අද යාලුවෙක් එක්ක චැට් කරන ගමන් නෑයෝ ගැන කතා උනා ඒ නිසයි  මේ පොස්ට් එක දාන්න හිතුනේ.


මගේ මේ යාලුවට දවසක් හදිසියේම නෑයෙක් ස්තුති කරාලු, ස්තුති කිරීමට හේතුව තමයි මේ යාළුවා නිසා ඒ නෑයට  ග්‍රීන් කාඩ් එකක් ඇදිම  . ඉතින්  මේ කතාව  මොකක්ද කියල  තේරුම් ගන්න බැරිව විස්තර  අහන කොටලු තේරුනේ මොකක්ද වෙලා තියෙන්නේ කියල. මගේ මේ යාළුවා බ්ලොග් ලියන කෙනෙක් ඉතින්  මේ බ්ලොග් එකේ ඇඩ් එහෙමත් තියනව.  මේ නැයා    මේ බ්ලොග් එක නිතර බලනවාලු. දවසක් එයා  ඒ බ්ලොග් එකේ තියන ඇඩ් එකක් ක්ලික් කරලා එයාට  ග්‍රීන් කාඩ් එකක් ඇදීලලු , ඉතින්  ඒ නෑය හිතල තියෙන්නේ මේ යාළුවා නිසා තමයි  ඒක හම්බ උනේ කියල.(යාළුවා දාපු එකක් තමයි කියල හිතල) එහෙම හිතලයි මෙයා යාලුවට ස්තුති කරලා තියෙන්නේ. ( මට නම් ටිකක් හිත ගන්න බෑ ග්‍රීන් කාඩ් එකක් කොහොමද ඇඩ් එකකින් ඇදුනේ කියල මන් දන්න තරමින් ඒකට ඔෆිෂල් වෙබ් එකක් තියනවා ). ඉතින්  මෙහෙම හොඳ දෙයක් වුන  එක නම් හොඳයි,  එත් මේ ඇඩ්, බ්ලොග් අයිති කෙනා දාන ඒවා නෙමෙයි නේ සමහර වෙලාවට ඔය නිළියන්ගේ එක එක ජාතයේ පින්තුර තියනවා කියලත් සමහර ඇඩ් වල යනවා . ඉතින්  ඒවගේ  එකක් එහෙම අර නෑය ( හරි ,මේ ඇඩ්   බ්ලොග් එක අයිති එක්කෙනා දාන දෙයක් නෙමේ කියල දන්නේ නැති කෙනෙක් හරි) ක්ලික් කරා නම් ඒකත් ඉතින්  බ්ලොග් එක අයිති  කෙනාගේ වැඩක් කියල තමයි හිතන්නේ.


මේ කතාව ලියන කොට මට මම සහ මගේ නෑයෙක් ගේ කතාවකුත් මතක් උනා. හැබැයි කලින් කියපු  කතාවට වඩා වෙනස් සිද්ධියක් මේක. මට දවසක් දුර පළාතකට ජොබ් එකක් හම්බ උනා. මම මේ පළාතට මිට කලින් ගිහිල්ලත් නෑ . ගෙදර ඉඳල කෝච්චියේ ගියොත් පැය 6 ක් විතර යනවා යන්නත්. දැන් මට බෝඩිමක් හොයා ගන්න ඕන. සාමාන්යෙන් මගේ ජොබ් සම්භන්ධ වැඩ මම  තනියම කරගන්නේ, ගෙදරට කරදර කරන්නේ නෑ . ඉතින් මේ බෝඩිම හොයාගන්න වැඩෙත් මම යාලුවෙක් හරහා කරා. මගේ යාලුවෙකුට  ( අඳුනන ගොඩක් හිතවත් අයිය කෙනෙකුට ) කිව්වා මට *** පළාතේ  අලුත් ජොබ් එකක් හම්බ උනා එහෙන්  ටික දවසකට හරි බෝඩිමක් හොයල දෙන්න පුළුවන් ද කියල. ඊට  පස්සේ මෙයාගේ යාලුවෙකුගේ ත් යාලුවෙක් ගේ ගෙදර නවතින්න පුළුවන් කියල කිව්වා. මගේ මේ යාළුවා හොඳ විශ්වාසවන්ත කෙනෙක් නිසා එය හොයලදෙන්නේ ගැණු ළමයෙකුට නවතින්න පුළුවන් විදිහේ තැනක් කියලත් මට විස්වාසයි. ඉතින් මගේ යාළුවාට එයා ගේ යාළුවව හොඳටම විශ්වාස යි , ඒ යාලුවට එයාගේ යාලුවවත්  හොඳටම  විශ්වාසයි. ඔහොම තම ඔය බෝඩිම හොයා ගත්තේ. ඒ බෝඩිමේ ඒ දවස් වල හිටියේ ආන්ට්යි අන්කලුයි පුතයි ( යාළුවගේ යාළුවගේ යාළුවා ) විතරයි . එතින් ඊට පස්සේ මම තනියම *** කෝච්චියේ නැගල ගියා ඒ පළාතට. මම ගියාම  අර ගෙදර මල්ලි  ( තුන් වැනි යාළුවා)ස්ටේෂන් එකේ මන් එනකන් හිටිය . මිට කලින් දැකලත් නෑ එත් අපි දෙන්න ඒ වෙලාවේ අඳුනගෙන දැන් ඒ අලුත් බෝඩිමට ගියා. ඉතින්  මේ තැන හොයා ගත්තේ  කාලිකව හින්ද මට මතක විදිහට සති 2 ක් විතර එහෙ හිටිය. ඒ ගෙදර හැමෝම හොඳින් මාව බල ගත්ත හරිම හොඳ මිනිස්සු. මගෙන් සල්ලි වත් ගත්තේ නෑ.   කෑම හදන්න ගියාම මම කන්න කැමති විදිහ අහනවා .. මල්ලි ඇන්ටිට කියන මිරිස්  අඩුවෙන් දාන්න අක්ක සැරට කනවද දන්නෙත් නෑ .. මට අලුත් ඔෆිස් එකට යන්න පුරුදු නැති නිසා මාව ඔෆිස් එකට ගිහින් දානවා ..ඔයවගේ හරිම සැලකිලි. ඉතින් ඒ ගොල්ලෝ කැමැත්තෙන් හිටිය මන් එහෙ දිගටම ඉන්නවනම්  . ඔහොම ඉන්න  දවසක අපේ නෑ කෙනෙකුත් ඒ පළාතට  එනවා කියල ආරංචි උනා  . ඒ පළාත එයාලගේ ගම. මේ නෑය අපේ ලොකු නැන්ද ගේ දුව බැඳලා ඉන්න අයිය. ඉතින්  මේ ගොල්ලන්ගේ පවුලම එදා කෝච්චියේ එන නිසා මටත් කිව්වා එහෙ ස්ටේෂන් එකට එන්න කියල. ඊට පස්සේ මම නැවතිලා හිටපු ගෙදර කට්ටියත් එක්ක මගේ නෑයෝ ටික හම්බවෙන්න ස්ටේෂන් එකට ගියා. එහෙදි මගේ නැයෝයි  අර ගෙදර කට්ටියයි අඳුන ගත්ත. පස්සේ මන් අලුත් බෝඩිමක් එහෙම හොයාගෙන ඒ ගෙද්‍රරින් සමු ගත්ත. ඔහොම ඉන්න දවසක අර නෑය (අයිය) අපේ තාත්තිට කියල තිබ්බ අර ගෙදර කට්ටියගේ නෑයෝ හරියට දොස් කියල තිබ්බ තනියම ඒ පළාතට ගිහින් අඳුනන්නේ වත් නැතිව ගෙදරක නැවතුන එකට කියල .. හරි ගැණු ළමයෙක් ඔය වගේ වැඩක් කරනවද .. මේ වගේ කතා ඒ නෑය කියල තිබ්බ ඉතින් මට ඔය කතාව ඇහුවම හොඳටම තරහ ගිය. මට හිතුනේ මෙහෙම ..ඒ ගොල්ලන්ට මට බෝඩිමක් හොයල දෙන්න කිව්වා වෙලාවේ ( එදා ස්ටේෂන් එකේදී හමු වුන වෙලාවේ ) ඒක කරලා දෙන්න බැරි උනා ඒ ගොල්ලන්ගේ ගම වෙලත්. එත් මන් තනියම එහෙ ගිය එකෙයි ඒ ගෙදර නැවතුන එකෙයි වැරදි විතරක් අපේ තාත්තිට  ගිහින් කියල...  .  ඔය හිතපු දේ නෑයෝ වෙන අක්ක කෙනෙකුට මන් කිව්වා ඒක අර අයියට  ( කලින් කියපු  නෑය ට  ) ආරංචි වෙලා දැන් මගෙත් එක්ක කතා කරන්නේ නෑ ඊට පස්සේ. මාත් ඉතින්  එයාට වැඩිය කැමති නැති නිසා එකත් හොඳයි කියල හිතා ගත්ත.