Tuesday, December 6, 2011

බල්ලන්ගෙන් එස්කෝට් එකක්.....


මේ කතාව මට මිට අවුරුදු  12 ට  විතර කලින් වුන සිද්ධියක්.... මම දවස් වල එක පාඨමාලාවක් කරන්න කොළඹ ක්ලාස්  ගියා. ක්ලාස් තිබුනේ සති අන්තයේ. ඉතින් සාමාන්යෙන් කරන්නේ සති අන්තේ කොළඹ ගත කරලා  සඳුදා උදේ ගෙදර එන එක. සමහර දවසට ඉරිදට ක්ලාස් එකෙන් කලින් පැනල ඉරිදා හවස ගෙදර එන වෙලාවලුත් තියනවා . එහෙම එන දවසට නම් ගෙදර එද්දී හොඳටම රෑ වෙනවා. මේ නිසා මට ඉරිදට  ගෙදර එන එක ගෙදරින් තහනම් කරලා තිබ්බේ. එත් මම කොළඹ වැඩිපුර නවතින්න කැමති නෑ, රෑට තියන රස්නෙයි  මදුරුවෝයි නිසා. අනිත් එක නැවතුන  තැනත් එතරම් පහසුකම් තිබ්බේ නෑ . මේ නිසා පුළුවන් තරම් බැලුවේ ඉරිදට ගෙදර එන්න තමයි.
 
මේ විදියට දවසක් ඉරිදා  හවස ගෙදර එන්න අවා. බස් එකේ එද්දී බස් එක මගදී කැඩුන.ඊට පස්සේ ගොඩක් වෙලාවක් ගත උනා  බස් එක  හදාගෙන ආයෙත් ගමන  පටන් ගන්න . මේ නිසා වෙනද ගෙදර එන වෙලාවට නම් කොහොමත් එන්න ලැබෙන්නේ නෑ  ගොඩක් රෑ වුන නිසා. හොඳටම රෑ  වෙලා නිසා ගෙදර යන්න බයයි හොඳටම බැනුම් අහන්න වෙනවා. මේ නිසා මන් තීරණය කරා  ගෙදර යන්නේ නැතිව මාම ලගේ ගෙදර යන්න . එක හේතුවක් තමා එහෙ ගෙදරට වඩා  ලගයි අනිත් හේතුව රෑ වෙලා ගියාට බැනුම් අහන්න වෙන්නේ නෑ  මම හිතා  ගත්ත මාම ලගේ ගෙදරට පයින් හරි ත්‍රි විල් එකක හරි යනවා කියල. පයින් යන්න හිතුවට එහෙ තියෙන්නේ පයින් යන දුරකත් නෙමේ.  එත් එක ෂෝර්ට් කට්  එකක් තිබුන එහෙට යන්න.

දැන් අර  මාම ලගේ ගෙදරට යන පාර  පටන් ගන්න  හන්දිය ලගට බස් එක ආවාම එතනින් බැස්ස. දැන් ත්‍රි විල් එකක  යන්න පොඩි බයක් තියනවා රෑ නිසා.   මේ නිසා මාම ලගේ ගෙදරට දුර උනත් පයින්ම යන්න තිරණය කරා.  දැන් වෙලාව රෑ දහයත් පහු වෙලා.

මාම ලගේ ගෙවල් වල යන ෂෝර්ට් කට්  එක මම තෝරා ගත්ත, ඒක බිංගෙයක් ඇතුලෙන් යන්න ඕන ගමනක්ටිකක් දුර මේ විදපු ගල් බින් ගෙය ඇතුලෙන් යන්න ඕන අන්තිම  කෙලවරේ ලයිට්  දාල තියනව මේ බින්ගේ  ඇතුලේ දවස වල. ඔන්න මන් දැන් බීන්ගේ ඇතුලෙන් ඉක්මනින්  ඇවිදගෙන යනවා. නරකම නෑ රෑ ගමනේ පොඩි ගතියකුත් තියනවා. දැන් බින් ගේ පහුකරන කොටම ත්‍රි වීල් එකක්  ඇවිත් මන් ලගින් නතර කළා .( හපොයි ....!) නතර කරලා මට කතා කරා නගින්න කියල. ..... !දැන් මම හොදටම බය වෙලා බින්ගේ ඉවර උන තැන පාරවල් දෙකක් දෙපැත්තට  බෙදෙනවා . මම වෙලාවේ බය නිසාම යන්න ඕන පාරට නෙමේ අනිත් පාර පැත්තට හැරුන. ඊට  පස්සේ ත්‍රි විල් එකේ හිටපු අය කියනවා ඇහුන "බයවෙලා... බයවෙලා" කියල. එහෙම කියල ත්‍රි වීල් එක යන්න ගියා.

හ්ම්ම්ම්ම් දැන් එකකින් බේරුනා දැන් අයෙත් පාර දිගේ ඉස්සරහට  යන්න ඕන. දැන් යන්න ඕන හරි පාරට ඇවිත් දිගටම  යනවා යනවා ඉවරයක්  නෑ. මෙහෙම යනකොට තමා තේරුනේ හිතපු  තරම් ගමන කෙටි නෑ මේක පයින් යන්න පුළුවන් ගමනක් නෙමේ කියල. දැන් කරන්න දෙයක් නෑ . පාරේ දෙපැත්තේ ගෙවල් වල ලයිට්  එළියක් වත් පෙන්න නෑ. මිනිස්සු හැමෝම  නිදි පාටයිහොඳ වෙලාවට එදා ටිකක් පාරේ  එලිය තිබුන දවසක්ඉක්මනින් යන්න ඕන නිසා මම දුවන්න පටන් ගත්ත පාරදිගේ

ටික වෙලාවක් යනකොට මට ටිකි ටිකි ටිකි ටිකි ගාල  සද්දයක් ඇහෙනවා. මන් පිටි පස්ස හැරිලා බැලුව . මගේ පිටි පස්සෙන් බල්ලෝ පස් හයදෙනෙක් දුවගෙන එනවා. මන් අහල තියනව දුවන කොට බල්ලෝ හපන්න එනවා කියල නිසා මන් නැවතුන . . පාර බල්ලෝ ටිකත් නැවතුන . මට පරක්කු වෙන නිසා මම ආයෙත් දුවන්න පටන් ගත්ත එතකොට බල්ලොටිකත් මගේ පස්සෙන් දුවගෙන එනවා මම නවතින කොට නවතිනවා මාම දුවනකොට පස්සෙන් දුවගෙන එනවා. ඔන්න දැන් නම් මට හිනත් යන්න එනවා මේ විහිලුවට . ඔය අතරේ මග දිගේ අලුත් බල්ලෝ එකතු වෙනවා . මෙහෙම නැවතී නැවතී ටික දුරක් ඇවිත් ගේ ලග ඇවිත් බලනකොට බල්ලෝ ටික පේන්න  හිටියේ නෑ. 
 
දැන් ගෙවල්  කිට්ටුවට ආවම තමා පොඩි සැනසීමක් හිතට අවේ. ඔන්න දැන් මම මාමලාගේ ගෙදරට ඇවිත් වෙලාව 12 ලඟයි.  ගෙදර අයට කතා කරලා දොර ඇර ගත්ත. දැන් ගෙදර අයට හිතා ගන්න බෑ මම කරපු මේ වැඩේ ගැනරෑ 12    විතර තනියම ආපු එක ගැන. මල්ලිත් නිකන් ඇස දෙක උඩ ගිහින් මම දිහා බලාගෙන හිටිය , මමත් නිකන් වීරයෙක් වගේ මල්ලි දිහා බලාගෙන හිටිය.. ( හි හි ) මොකද මල්ලි පොඩි කාලේ ටිකක් බයගුල්ල. එදා රෑ  නැන්දටයි  මාමටයි නින්ද ගිහින් නෑ උදේ  වෙනකන්මමම කරපු වැඩේ ගැන කල්පනා කරලා. ඒත් ඉතින්  රෑ වෙලා ආව  කියල බැන්නෙත් නෑ. :)  ඊලග  දවසේ  අර වීල් එකේ අය නැන්දට  හම්බ වෙලා කිව්වලු මම රෑ එනවා දැක්ක ගොල්ලෝ කතා කරා වෙලවේ මම හොඳටම බය වෙලා හිටිය කියල

4 comments:

  1. සිග් සැග්ගේ වීර ක්‍රියා

    ReplyDelete
  2. පොඩි කාලෙ ඉස්කෝලෙ බාස්කට් බොල් මැච් එකකට ගිහිල්ලා ගෙදර එද්දි හොඳටම රෑ වෙලා.එදයින් පස්සේ ප්‍රැක්ටිස් යන එක තහනම් කොලා ගෙදරින්. පරණ සිද්ධියක් ආයෙ මතක් වුනා මේ කතාව දැකපුවාම.
    ජය

    ReplyDelete
  3. හලේ නම දැක්කම මම හිතුවේ කොල්ලෙක් කියලා. මම බැලුවා මේ යකා මෙච්චර බය මොකද කියලා. පස්සේ ප්‍රොෆයිල් එකට ගිහින් බැලුවමයි වැඩේ තේරුනේ.

    ඒ වෙලාවේ හැටියට ඔයා කරපු දේ නම් හරි. හැබැයි රෑ වෙලා එන්නේ නැතුව ඉන්න එක තමයි හොඳම දේ.

    ReplyDelete
  4. මමත් මේ වගේ වීරක්‍රියා කරල තියනවා..හැබැයි දැන් තමා තේරෙන්නෙ ගෙදර අය ඇඟේ ලේ වතුර වෙලා ඉන්න ඇත්තෙ කියලා..

    ReplyDelete