කැම්පස් එකේ විභාගේ ට තව තියෙන්නේ සතියක කාලයක්. තාම පාඩම් කරන්න පටන් අරගෙනත් නෑ . එත් ඉතින් හිතට ආපු මේ කතාව කෙටියෙන් ලියල දාන්න හිතුන.
මම පොඩි කාලේ ගෙදරදී හවසට පන්සිල් ගැනීම අනිවාර්ය දෙයක් වෙලා තිබුන. ආච්චි පන්සිල් ගන්න වෙලාවට අපිත් බුදු පහන ලඟට එකතු වෙන්න ඕන. එතන පොඩි බුදු පිලිමෙකුයි බුදු හමුදුරුවොන්ගෙයි දෙවියන්ගෙයි පින්තුර වගයකුත් තිබුන . මේ පන්සිල් ගන්න වැඩේ මට නම් අල්ලන්නෙම නෑ .හරියට මේකත් නිකන් එක්තරා ආකාරයක දඩුවම් කිරිල්ල වගේ තාම දැනුනේ . එත් ඉතින් බැනුම් අහන්න වෙන නිසා බයටම පන්සිල් ගන්නවා හැමදාම .සමහර දවස් වලට අපි පොඩි අය තුන් දෙනෙක් ක් විතර ගෙදර හිටිය පන්සිල් ගන්න වෙලාවේ , අපි හය්යෙන් තරගෙට පන්සිල් අරගෙන ඒ දවස්වල බැනුම් අහගෙනත් තියනවා ඒ වෙලාවට අපිට අයෙත් මුල ඉඳල පන්සිල් ගන්න වෙනවා.
හැමදාම පන්සිල් ගන්න නිසා ආච්චි කියන ගාථා කනට ඇහිලාම ඒ ව කටපාඩම් හිටිය. කොහොමත් මේ ගාථාවල තේරුම නම් දන්නේ නැ. මේවා කනට ඇහිලා පාඩම් වුනු ගාථා නිසා සමහර ගාථා කියන්නේ වැරදියට කියල පස්සේ කාලෙක තේරුම් ගියේ දහම් පාසල් පොතේ ඒ ගාථා කියවනකොටයි. ආච්චි පන්සිල් ගන්න ගිහාම සෑහෙනවෙලාවක් ගාථා කියවනවා . පන්සිල් අරන් ඉවර වෙලා අන්තිමට ආච්චි දෙවියන්ට පින්දෙනවා . හැබැයි ඉතින් එතනින් නතර වෙන්නේ නෑ. ආච්චි හදා ගත්ත තව ගාථාවක් තිබ්බ ස්වාමිපුරුෂයාට පින්දෙන ( ආච්චිගේ ස්වාමිපුරුෂය ඒ කියන්නේ අපේ සීය, එයා ඒ දවස් වල මිය ගිහින් ) , ඒ ගාථාවේ ස්වාමිපුරුෂයාට අමතරව තව නම් දිග ලිස්ට් එකක් තියනවා , පුතාල දුවල බැනල මේ ඔක්කොම ඒ පින් දෙනලිස්ට් එකට ඉන්නවා . හැබැයි ඒ ලිස්ට් එකේ හිටපු නැති කට්ටියකුත් හිටිය ඒතමයි ආච්චිගේ ලේලිලා ටික. මේ ගාථාව පටන් ගන්නේ මෙන්න මෙහෙමයි . " මගේ ස්වාමිපුරුශයටත් පුත්තුරු හතර දෙනාටත් දුවරු හය දෙනාටත් මුනුපුරන්ටත් මිනිපිරියන්ටත් මේ පිනෙන් කොටසක් අයිති වෙත්වා .. ..." මේක ටිකක් දිග ගාථාවක් එත් මට දැන් මතක නෑ. ඉතින් මම කිව්වනේ අපි ආච්චි කියන ගාථා අහල තමයි ඒවා කට පාඩම් කරගත්තේ කියල .. ගාථා දන්නේ නැති පොඩිම පොඩි කාලෙ කලේ ආච්චි ළඟ ඉඳගෙන වැදගෙන කියන ගාථා අහගෙන ඉන්නවා . ටික දවසක් යනකොට ඒවා ඔක්කොම ආච්චි කියන පිළිවෙලටම කියන්න පුළුවන් වුනා . ඉතින් පොඩි කාලේ පන්සිල් ගන්න කොට මාත් ආච්චි කියන ගාථා ටික ඔක්කොම කියවනවා අර ස්වාමිපුරුෂයාට පින්දෙන ගාථාවත් ඇතුළුව :) හි හි පොඩි කලේ ඉඳලම පින්දෙන නිසා ස්වාමිපුරුෂයාගේ පින් අකවුන්ට් එකට පින් ගොඩක් එකතු වෙන්න ඇති. ඔය ගාථාවේ තේරුම තේරුම් ගන්න කාලයක් ගියා. ඊට පස්සේ ඉතින් ඔය ගාථාව කියන එක නතර කරලා දැම්ම . පස්සේ කාලෙක පන්සිල් ගනිද්දී ගාථා දිගට කියාගෙන යන්නේ නැතිව ෂොට් ෆෝම් වලින් කියන්න පුරුදු වුනා. එහෙම කරලා පන්සිල් ගන්න කාලේ අඩු කලා ,ඊටපස්සේ ටිකෙන් ටික හවසට පන්සිල් ගන්න එක ඇත ඇරලම දැම්ම.