Thursday, September 15, 2011

ජනාධිපතිගේ දුවත් අපේ පන්තියේ

පසුගිය කාලයේ ටික දවසක්  මම 6 පන්තියට, "සිවික්" කියල කෙටියෙන් කියන පුරවැසි අධ්‍යාපනය කියන විෂය කලා. ඒකෙ තියනවා 'මම කවරෙක්ද' කියල පාඩමක් කරන්න. ඉතින් පාඩම පටන් අරන් මම ළමයින්ගෙන් ප්‍රශ්න අහන්න පටන් ගත්තා. මම සාමාන්‍යයෙන් පන්තියේ උගන්න්නකොට ළමයි ව කතා කරවන්නන ප්‍රශ්න අහනවා; මම දේශනයක් දෙනවා වගේ පාඩම කරන්න කැමති නැති නිසා. ඒ නිසා මම එක එක ළමයාගෙන් ඒ  ළමය ගේ විස්තර, රුචි අරුචි කම්, ගති ගුණ මේ ව ගේ ප්‍රශ්න ඇහුව.  ඒත් ළමයින්ගේ සහභාගිත්වය  මදි වගේ පෙනුන නිසා මම කිව්වා, හොඳයි මම ඉස්සෙල්ල  කියන්නම් මම කවුද කියල, ඕගොල්ලෝ මගෙන් ප්‍රශ්න අහන්න ඕන කියල . ඊට  පස්සේ ළමයි කතා  කරන්න පටන් ගත්තා. දැන් ළමයි මගේ නම ගම අම්මා තාත්තා,   වයස, අරව මේවා ඔක්කොම අහන්න පටන් ගත්තා.ඔය අතරේ හිටපු කට කාර ළමයෙක් තාත්තගේ  නම ඇහුව . මම කිව ජෝර්ජ් කියල. එක පාරටම මේ ළමය ජෝර්ජ්  බුෂ් ද කියල හිනා වෙන්න පටන් ගත්තා. මටත් ඉතින්  හිනා ගිහින් ඊට  පස්සේ දිගටම මම පාඩම කරගෙන ගියා. 

අයෙත් දවසක් පාඩම කරගෙන යනකොට ඔය කටකාර ළමයාගේ වැරද්දක් අහු උනා. දැන් නම් මතක නැ මොකද්ද කියල. මම  කෝටුවක් අතට අරන් ඒ ළමය ලගට ගිහින් ගහන්න ගියා. එතකොට මේ ළමය හිනා වේවි කියනවා  "කොච්චර ශෝක් ද,  ජනාධිපතිගේ දුව ගෙන් ගුටි කන එක" කියල. මට දැන් සැර කරන එකත් අමතක වෙලා හිනාව නවත්ත ගන්න බැරුව ගියා. 



ඔය පන්තියේ ඉන්න  කට කාර දග කාර එකම ළමයත් එයා  විතරක්  නෙමේ. මුළු පන්තියම හරිම දඟයි. හැබැයි  ඒ දගකාරකම් දැක්කම මාර ආසා හිතෙනවා. ළමයිත් හොඳට  දන්නවා මට ටක් ගාල හිනා යනවා කියල. ඉතින්  බය නැතුව මගෙත් එක්ක එකට එක කියනවා. ඉස්කෝලේ ලොකු පන්තිවල පිරිම ළමයි හොරෙන් කරන වැරදි ( සිගරට් බොන ඒවා , ගුරුවරුන් ට බනින ඒවා ) ඔක්කොමත් මගේ අතින් ඇවිත් කියනවා. ඒ වෙලාව මම ඒවා සද්ද නැතිව අහගෙන පස්සේ බොරුවට බැනල එලව ගන්න වා ( හි හි කේලම් අහන එක හොඳ වැඩක් නෙමේ නේ )  ළමයින්ට ගහන්න ගියොත් ඉතින්  මාවම තමයි  වෙලාවකට බයිට් වෙන්නේ. සමහර දවසට ළමයි පොත් අමතක කරලා එනවා. පොත් ගෙනාවේ නැති අය නැගිටින්න කිව්වම ළමයි නැගිටිනවා. මම සමහර දවසට් ඒ වෙලාවට ගුටි දෙනවා ( ගහන එක වැරදි වැඩක්,  එත් නොකර බෑ. මේ ඉස්කෝලෙට  එනකොට මම දැකපු දේ තම හැම ගුරුවරයාම කෝටුවක් වන වනා තමයි පන්ති වලට යන්නේ. කෝටුව නැත්තන් ළමයි මෙල්ල කරගන්න බෑ කියන මතය තිබ්බ . ඉතින් අනිත් ගුරුවරුන්ගෙන් මට ලැබුන උපදේශයත්  කෝටුවක්  අරන් යන්න කියල. ) මෙහෙමෙ ගුටි කලා ඉවර වුනාම ගුටි කාපු එකෙක් දෙන්නෙක් හිනා වේවි කියනවා  මැඩම් අපි පොත
ගෙනාවා කියල මට පොත පෙන්නනවා, ගුටි කන්න බොරු කියන ළමයි  කෝටුවෙන් මෙල්ල  කරන්න ගිහාම ඉතින් මම ම තම බයිට් වෙලා තියෙන්නේ. දැනුත් මම ඒ පන්තියට යනවා. හරිම දඟයි  වගේම තම පන්තියේ වැඩ ත් හොඳට කරනවා. මොනවා හරි වැඩක් නොකරපු වෙලාව මම කියනවා, "මම මේ පන්තිය කරන්න වෙන මැඩම් කෙනෙකුට දෙනවා මම දෙන වැඩ කරගෙන එන්නේ නැත්තන්" කියල. එතකොට ළමයි ඉතින්  මාව ශේප් කරගන්න  අරව මේවා කියනවා. දවසක් මම ඇහුවම මොකටද මට මේ පන්තියෙන් යන්න එපා කියන්නේ කියල,  එක ළමයෙක් කියනවා මැඩම් ගහන ගුටි  රිදෙන්නේ නැති නිසා කියල. හ්ම්ම් දැන් මේ ගුටි කතා දැකල කවුරු හරි මට නඩුත් දායි ද දන්නේ නෑ.

3 comments:

  1. අදයි මේ පැත්තට මුලින්ම ආවෙ. ලිපි ඔක්කොම කියෙව්වා. අපූරුයි.අමුතු රහක් තියෙනවා.....! සුබ පැතුම්!

    ReplyDelete
  2. @ පාඨකයා -බොහොම ස්තුතියි

    @Meeya- මමද ? ළමයි ද ? :)

    ReplyDelete