Thursday, January 26, 2012

නංගිලා මල්ලිලා හා තරු අංකල්ලා

           මිට දවස් දෙක තුනකට කලින්  හදිසියේම  පේරා කැම්පස් එකට ගියා. ඒ වෙලාවේ දැක්ක කැම්පස් ළමයින්ගේ උද්ගොෂන්යක්. ලවුඩ්ස්පිකර් දා ගෙන ළමයි කෑ ගගහ යනවා. එයාල කොයි  පැත්තට යනවද කියල වත් බලන්නේ නැතිව මම එතනින් යන්න ගියා මගේ  වැඩේ කර ගන්න. මම කැම්පස් යන කාලේ කිසිම දවසක ස්ට්‍රයික්  එකකට එකතු උනේ නෑ.උද්ඝෝෂණයකට එකතු උනේ නෑ. අනිත්   අය ස්ට්‍රයික් කරත් මම ලෙක්ච(ර්)ස්  තියනවා නම් ලෙක්ච(ර්)ස් ගියා.  කෙටියෙන්ම කියනවා නම් මගේ කිසිම පැහැදීමක් තිබුනේ නැහැ ස්ටුඩන්ට් යුනියන් එකෙන් කරන වැඩ ගැන. යුනියන් එකට සම්භන්ධ ළමයින්ටත් මගේ  ඒ තරම් කැමැත්තක් තිබුනේ නෑ. යුනියන් එක ළමයින්ගෙන් සල්ලි එකතු කරන එක ගැන මට හරිම තරහක්  තිබුනේ. මම අහල තිබුන සමහර ළමයි, තමන්ට ලැබෙන  මහපොල  ශිෂ්‍යධාරෙන්, තමන්ගේ අමාරුවෙන් ජිවත් වෙන අම්ම තාත්තටත් ජිවත් වෙන්නත් සල්ලි  යවනවා කියල. ඒ නිසා ළමයින්ගෙන් සල්ලි එකතු කරලා පෝස්ටර් ගහන සංස්කෘතිය , පුංචි හැම දේකටම ස්ට්‍රයික් කරන  එක මම අනුමත කලේ නෑ . නහය ලගින් මැස්සෙක් ගියත් ස්ට්‍රික් කරන්න කෑ ගහන්න පුරුදු වෙලා හිටිය නිසා ළමයි මොනවා කරත් ඒවා දිහා බලාගෙන කැම්පස් ලගින් යන බස් වල යන මිනිස්සුන්ට වත් ළමයි කරන දෙයක් ගැන ගානක් තිබුනේ නෑ . කම්මලේ ඉන්න බල්ලාට  සද්දේ ගානක් නෑ වගේ. හැම දාම  සද්ද නිසා ඕන දේකට සද්දයක් දැම්මත් ඉතින්  කිසිම  වටිනාකමක් නෑ. ඒ දවස් වල උද්ඝෝෂණ වලට යන ළමයි මොනවා වෙනුවෙන්  ද උද්ගෝෂණ කරන්නේ කියල වත් හරියට දන්නේ නැතිව ගිය අවස්ථා තිබුන.  බැච් එකත්  එක්ක එකට ඉන්න  ඕන, ගියේ නැත්තන් ප්‍රශ්න එයි කියන බය වගේ දේවල්, වෙන අයගේ ඕන එපාකම්,  වගේම ඒ ගොල්ල කරන දේ හරි කයල විස්වාස කරන නිසා   ඕවට සහභාගී උන අයත් හිටිය. ඔය අන්තිම හේතුව ගැන කියන්න තියෙන්නේ අඩු ගානේ හරි උනත් වැරදි උනත් තමන් විස්වාස කරන දේ වෙනුවෙන් වැඩ කිරීම වෙනම දෙයක් . එත් අනිත් හේතු වලට ඕව කරන එක  ගැන නම් මම හිත යටින් හිනා උනා ඒ දවස් වලත්.


         කැම්පස් එකෙන් මගේ වැඩේ කරගෙන මම බස් එකේ නැගල නුවර පැත්තට ගියා. ගලහ හන්දියට ගියාම දැක්ක දෙයින් මගේ හිතට දැනුන දේ  විස්තර කරන්න අමාරුයි  ඒක මොනවගේ හැඟීමක් ද කියල.. අර ළමයි කෑ ගගහ ගිහින් තියෙන්නේ ගලහ හන්දිය පැත්තට. ගලහ හන්දියේ හමුදාවයි  පොලිසියයි පිරිල,  බැරියර්ස් දාල, කටු කම්බි රෝල දාල , ළමයින් ගේ උද්ගොෂණයට විරුද්ධව. මගේ හිතට  දැනුනේ නිකන් පිරටක ගිය වෙලා වේ ලංකාවේ මනුස්සයෙක් දැක්ක වගේ තමන්ගේ කමක් අර ළමයි දැක්කම .  මට අර ළමයි ගැන දැනුනේ දුකක ද මොකක්ද කියල තේරෙන්නේ නෑ. නිකම් මගේ කමක් වගේ දෙයක් දැනුන. ඔය කොල්ලෝ කෙල්ලෝ ටිකක් කෑගහුවම මේ තරම් හමුදාවක් පොලිසියක් මොකටද කියල තමයි මගේ හිතට දැනුනේ හරියට නිකන් විදේශ ආක්‍රමණයක් ඇවිත් වගේ. හමුදාව පොලිසිය ඉන්නේ   ජාතික ආරක්ෂාව වගේ දේටනේ.. අපි බදු ගෙවන්නේ ඒ ගොල්ලන් ජාතික ආරක්ෂාවට කරන සේවෙට . එත් ඉතින්  මෙතන ( ගලහ හන්දියේ) කටු කම්බි දාගෙන ගෙන බැරියර් දාගෙන කරන ජාතික ආරක්ෂාව මොකක්ද. ළමයි  ගානට වඩා පොලිසියෙනුයි හමුදාවෙනුයි.  හැමෝම සීරුවෙන්.. . ඉස්සරත් ඉතින් ඔහොම උද්ගෝෂණ තිබ්බනේ . එත්  ඇයි මේ පොලිසියි හමුදාවයි මේ තරම්  කලබල වෙලා . පටි දාගත්ත අය... තරු දාගත්ත අය... එක එක විදිහේ අය. අනේ මන්ද අපේ රටට ගිය කල ! ඉස්සර උද්ගෝෂණ කරන ළමයින්ට හිත යටින් හිනා උනා , සමහර කාලෙට  ළමයින්ගේ  උද්ගෝෂණ කිසිම කෙනෙක් ගණන් ගත්තේ නෑ. කැගහල කෑගහල  හති වැටුනම ළමයින්ම යන්න යනවා .එත් වෙන හේතුවකට මොනවා හරි හොඳ දෙයක් උනොත් කැම්පස් එකේ  "ශිෂ්‍ය ව්‍යාපාරයේ තවත් ජග්‍රහණයක්"කියල නම් පෝස්ටර් ගැහුනා හි හි. .එත් දැන් නම් හිනා  යන්නේ මේ තරු පටි අන්කල් ලාට යි ඒ ගොල්ලෝ එවන අන්කල්ලටයි, අනේ වෙන මහන්සියක්, පවු නේ ... කමක් නෑ ඉතින් තරු අන්කල්ලට " බටා" පාරක් වත් වදියි නේ. ගෙදර යන ගමන් කැම්පස් යන  පොඩි එවුන් ටයි යන්න බැරි උන පොඩි එවුන්ටයි ටොපි චොකලට් වත් ගෙනියන්න.