Monday, May 7, 2012

හැමදාමත් මගේ හිතේ ඉන්න ජිල්ල ....

අද හැමදාම බලන බ්ලොග් ටික හැර නොබලපු බ්ලොග් කීපයක් බලන්න හිතුන.  බ්ලොගීගේ ඩයරියේ  ජින්ජර් ගේ කතාවක් කියවන කොට මගේ ජිල්ල ගැන මතකය හා තවත් මතකයන්  ඔලුවට අවා ජිල්ල කියන්නේ මම දන්න මල්ලි  කෙනෙක් ගේ නමක්. මල්ලි මීට කාලෙකට කලින් පොඩි ළමයෙක්. . මල්ලි පොඩි කලේ එයාගේ ඇස දෙක ජිල් බෝල වගේලු ඉතින්  එයාට පොඩි කලේ ඉඳල  ජිල්ල කියනවා.

ඔන්න
දැන් නියම ජිල්ලගේ කතාව. අපේ ගෙදර පුසී පැටව් දල එක දවසක්.  එතන කළු පාට පුස්  පැටියෙක් හිටිය එයාගේ ඇඟේ පිට දිගේ ලේනෙල් ගේ ඇඟේ  වගේ ඉරක් තිබුන.  රෙ දල පිටේ දෙපත්ත ඉරි  විහිදිලා. නගුට වට වෙන්නත් රවුමට ඉරි  කීපයක් තිබුන.   ලස්ස පුස් පටිය මගේ බවට ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරලා පුස් පැටියව මම අයිති කර ගත්ත. . එයාගේ ඇස දෙකත්  චුටි ජිල් බෝල දෙකක් වගේ නිසා ජිල්ල කියන නම දැම්ම .   ජිල්ලට පොඩි කලේ ඉඳල  හොඳට අකුරු කියවන්නත් පුළුවන් අනිත් පොඩි පැටවුන්ට වඩා .  '' යන්න කියල අත චුට්ටක් මිරිකුවොත් ඤාව් ගානවා , අයෙත්'ආ' යන්න කියල ඇත මිරිකුවම   ඤා ආව්  කියනවා. ඉතින්   පුංචි කළෙම අපි ජිල්ලට අකුරු කියෙව්වා . මේ නිසා ලොකු උනාම ජිල්ලට ඕනෑම දෙයක් හොඳින් තේරෙනවා.පුස් අම්මගේ පුස් පැටව් ඔක්කොම අහල පහල ය අරගෙන ගිය , ලොකු යුද්ධයක් කරලා ජිල්ලව විතරක් ගෙදර තියා  ගන්න පුළුවන් වුන. ජිල්ල  කියන්නේ මම මහත් සේ ආදරය කරපු පුසෙක්. උට රිදෙව්වත් කවදාවත් තරහ යන්නේ නැ . ඒ වගේම යි පොඩි කලේ විතරක් නෙමේ ලොකු කාලෙත්   හරිම ලස්සන පුසෙක්. ජිල්ල,  ජිල් කොල්ල වගේ නම් ගොඩක් ඒ දවස් වල දල තිබුන.  ලොකු කලෙත් ජිල්ල අපිත් එක්ක සෙල්ලම් කලා. ලනුවක්  බිම දිගේ ඇදගෙන දුවගෙන යනකොට ජිල්ල පන්නගෙන එනවා. අන්තිමට ජිල්ලත් එක්ක එකට දුවන්න බැරි තරමට උ වේගයෙන් දුවනවා. බැරිමතැන ජිල්ලගනේ බේරෙන්නේ  මේසයක් උඩට නැගල. මොන හේතුවකටවත් ජිල්ල මේස උඩට නගින්නේ නෑ . එකට හේතුව බොහෝවිට  ජිල්ල ආච්චිගෙන් ගුටි කලා වෙන්න ඇති මුලින්ම මෙසේ උඩට නගපු දවසේ.  ජිල්ලගේ කරේ වෙලාවක බෝ එකක් හදල ගැට ගහනවා. අපේ වැඩ ඉවසා  ගන්න බැරි උනාම කොහොම හරි අපෙන් ගැලවිලා පැනල යනවා.    ජිල්ල හොඳ වැදුණු ලොකු පුසෙක්වුනාට පස්සේ කොහේ හරි රස්තියාදුවක්  ගහල ගෙදර එනවා . මොනවා උනත් ජිල්ල ජිල්ල කියල කතා කරන කොට කොයි  ලෝකේ ඉඳල  හරි දුවගෙන   එනවා. දවසක් දෙකක්  යනකොට මට දැනුන ජිල්ලගේ වෙනද ඇහෙන  පුරුදු පුරු පුරු හඬත් නැ කකුලේ අතිල්ලුනෙත් නෑ. ජිල්ල ජිඉල්ල කියල ක ගැහුවත්   ජිල්ල ආය ගෙදර අවේ නැ.  ආච්චි කිව්වේ " වල්බාවෙක්  වෙන්න ඇති " මම තේරුම් ගත්තේ වල් බාවෙක්  කියන්නේ කැලේට වෙලා ඉන්න  පුසෙක්  කියල . පූසෝ  ලොකු උනාම වල්බවෙක් වෙලා කැලේට යනවලු , පුසියෝ විතරක් එහෙම යන්නේ නෑ  කියල තම ආච්චි කියල දුන්නේ මොනවා කරන්නද . අද උනත්  ජිල්ල නැවතත් දැකගන්න පුළුවන් නම්.... එක මහත් සතුටට කාරණයක්.

නැතිවුන
මේ ජිල්ල ගැන හැමෝටම මම කියන්න පුරුදු වුන, ඒ හැම වෙලේම ජිල්ල ගැන එක කතන්දරයක් අනිවාර්යෙන්ම මම හැමෝටම කියන්න පුරුදුවෙලා හිටිය.  ඔන්න එහෙනම් ජිල්ල ගැන  මගේ ජනප්‍රිය කතාව.. මේක  ජිල්ලගේ පුස් අම්ම අයෙත් පාරක් පැටව්  දාල  හිටපු කලෙක කතාවක්.. දවස් වල මාළු විකුණන මනුස්සයෙක් හිටිය. එයා බයිසිකලේ ගිහින් මාළු විකිණීම කලේ. මාළු මාළු කියල  "මාළු කරය " ( නම තමයි අපි භාවිතකලේ නිසා එක එයාගේ නමත් උනා අපිට ) කෑගහල බයිසිකේ නවත්තපු ගමන් ජිල්ල ඇතුළු  සියලු පූස් බලු සෙට් එකම මාළු කාරයා වටේ  කැරකෙනවා. එයා විසිකරන කැලි ටෙස්ට් එකට ගන්න. දැන් කලින් කිව්වා විදිහට ජිල්ලගේ අම්ම පැටව දල නිසා එයා නැ එදා මලු කරය ලගට ගියේ. එත් ජිල්ල එතෙන. ජිල්ල මාළු ඔලු කැල්ලක් අරගෙන ඇවිත්පුස් අම්ම ලගින් තිබ්බ. තියල ටිකක් ඈතට  ගියා. ජිල්ලගේ පුස් අම්ම පැටව දල ඉන්න කාලේට හරි නපුරුයි . ජිල්ල නිසා ලගට යන්න බයයි  දැන් ජිල්ලගේ අම්මටත් අමු මාළු ඔලුවේ රස බලන්න අවස්ථව උද උන. මෙක තමයි ජිල්ල ගැන කතාව  ඉතින්  අපිට හරි සතුටුයි  ජිල්ල ගැන. කලින්ම කිව නේ ජිල්ල හරිම හොඳ පුසෙක් කියල.
එත් එක දෙයක් අන්තිමට කියන්න ඕන අමතක වෙන්න කලින්. කතාවේ වැදගත්ම හරිය. මේ ජිල්ලගේ මවට සැලකීමේ  කතාව ජිල්ල ගැන කතා කරන හැම වෙලේම  කියන කතාවක් වුනත්  මම ඕක ඇස්දෙකට දැක්කේ නැ . ඕක මට කිවේ ගෙදර හිටපු පුංචි  කෙනෙක්. එයාගෙන් අහපු ඔය කතාව  ඇස් දෙකෙන් දැක්ක විදිහට මාත් හැමෝටම කියන්න පුරුදු උන  ජිල්ලගේ වටිනාකම (උජාරුව) කියන්න ඕනෑකමට . මට නම් පුංචි ගැන  දැන් නම් විස්වසක් නැ . එත් මන්  පුංචි කලේ   කතව විස්වාස කරන්න පොඩ්ඩක් වත් පැකිලුනේ නැ .  ජිල්ල වෙනස් විදියේ පුසෙක් නිසා ඔය  කතාව ඇත්ත වෙන්නත් පුළුවන්.

එකදවසක් ජිල්ල වගේම පුසෙක් ජිල්ල නැතිවෙලා ටික කාලෙකට පස්සේ හදිසියේ ගේ පිටිපස්සෙන් මතු උනා. ( ජිල්ලමද මන්ද) මම ජිල්ලගේ නම කතාකරත් පැනල දිව්වා යන්න . ජිල්ලගෙන් පස්සේ තරම් හොඳ පුසේ කවදාවත් මට ආය හම්බෙන්නේ නැති බව මම අදත් දැඩි සේ විස්වාස කරනවා.

1 comment:

  1. බෙගිමොත්May 8, 2012 at 9:18 AM

    හැඟීම්බර කතාවක්. ලස්සනයි. මේකෙ අකුරු කෑලි අඩුයි නේද? ඒ ටික හදලා දාන්නකො. අපරාදෙ.

    ReplyDelete