Wednesday, March 28, 2018

ෆීනික්ස්


සුදුපාට සොයා වෙහෙසුනෙමි
හෙම්බත් උනෙමි
කලුපාට දැක  ඇඬුවෙමි සුසුම් ලෑවෙමි
සුදු කළු සොයන අතරේ
අළුපාට දැක්කෙමි
පිළිගැනීමට පැකිලුනෙමි
එහෙත්  
නිතර නිතර නැවත නැවත
අළුපාට ම  දැක්කෙමි
ලා අළු තද අළු විවිධ අළු
ඔව් අළු !
අමාරුවෙන් හෝ    “.....@ *%&!@  : ( ... ! 
පිළිගැනීමට සිදුවුනෙමි
ඔව් අළු පාට පමණි ...
අලුමතින් නැවත  නැගිට්ටෙමි !

No comments:

Post a Comment