Wednesday, May 30, 2012

The difference ...


I get hurt
the pain remains
but I don’t hate
You get hurt
and you hate
the hatred visible
in many forms…

Monday, May 7, 2012

හැමදාමත් මගේ හිතේ ඉන්න ජිල්ල ....

අද හැමදාම බලන බ්ලොග් ටික හැර නොබලපු බ්ලොග් කීපයක් බලන්න හිතුන.  බ්ලොගීගේ ඩයරියේ  ජින්ජර් ගේ කතාවක් කියවන කොට මගේ ජිල්ල ගැන මතකය හා තවත් මතකයන්  ඔලුවට අවා ජිල්ල කියන්නේ මම දන්න මල්ලි  කෙනෙක් ගේ නමක්. මල්ලි මීට කාලෙකට කලින් පොඩි ළමයෙක්. . මල්ලි පොඩි කලේ එයාගේ ඇස දෙක ජිල් බෝල වගේලු ඉතින්  එයාට පොඩි කලේ ඉඳල  ජිල්ල කියනවා.

ඔන්න
දැන් නියම ජිල්ලගේ කතාව. අපේ ගෙදර පුසී පැටව් දල එක දවසක්.  එතන කළු පාට පුස්  පැටියෙක් හිටිය එයාගේ ඇඟේ පිට දිගේ ලේනෙල් ගේ ඇඟේ  වගේ ඉරක් තිබුන.  රෙ දල පිටේ දෙපත්ත ඉරි  විහිදිලා. නගුට වට වෙන්නත් රවුමට ඉරි  කීපයක් තිබුන.   ලස්ස පුස් පටිය මගේ බවට ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරලා පුස් පැටියව මම අයිති කර ගත්ත. . එයාගේ ඇස දෙකත්  චුටි ජිල් බෝල දෙකක් වගේ නිසා ජිල්ල කියන නම දැම්ම .   ජිල්ලට පොඩි කලේ ඉඳල  හොඳට අකුරු කියවන්නත් පුළුවන් අනිත් පොඩි පැටවුන්ට වඩා .  '' යන්න කියල අත චුට්ටක් මිරිකුවොත් ඤාව් ගානවා , අයෙත්'ආ' යන්න කියල ඇත මිරිකුවම   ඤා ආව්  කියනවා. ඉතින්   පුංචි කළෙම අපි ජිල්ලට අකුරු කියෙව්වා . මේ නිසා ලොකු උනාම ජිල්ලට ඕනෑම දෙයක් හොඳින් තේරෙනවා.පුස් අම්මගේ පුස් පැටව් ඔක්කොම අහල පහල ය අරගෙන ගිය , ලොකු යුද්ධයක් කරලා ජිල්ලව විතරක් ගෙදර තියා  ගන්න පුළුවන් වුන. ජිල්ල  කියන්නේ මම මහත් සේ ආදරය කරපු පුසෙක්. උට රිදෙව්වත් කවදාවත් තරහ යන්නේ නැ . ඒ වගේම යි පොඩි කලේ විතරක් නෙමේ ලොකු කාලෙත්   හරිම ලස්සන පුසෙක්. ජිල්ල,  ජිල් කොල්ල වගේ නම් ගොඩක් ඒ දවස් වල දල තිබුන.  ලොකු කලෙත් ජිල්ල අපිත් එක්ක සෙල්ලම් කලා. ලනුවක්  බිම දිගේ ඇදගෙන දුවගෙන යනකොට ජිල්ල පන්නගෙන එනවා. අන්තිමට ජිල්ලත් එක්ක එකට දුවන්න බැරි තරමට උ වේගයෙන් දුවනවා. බැරිමතැන ජිල්ලගනේ බේරෙන්නේ  මේසයක් උඩට නැගල. මොන හේතුවකටවත් ජිල්ල මේස උඩට නගින්නේ නෑ . එකට හේතුව බොහෝවිට  ජිල්ල ආච්චිගෙන් ගුටි කලා වෙන්න ඇති මුලින්ම මෙසේ උඩට නගපු දවසේ.  ජිල්ලගේ කරේ වෙලාවක බෝ එකක් හදල ගැට ගහනවා. අපේ වැඩ ඉවසා  ගන්න බැරි උනාම කොහොම හරි අපෙන් ගැලවිලා පැනල යනවා.    ජිල්ල හොඳ වැදුණු ලොකු පුසෙක්වුනාට පස්සේ කොහේ හරි රස්තියාදුවක්  ගහල ගෙදර එනවා . මොනවා උනත් ජිල්ල ජිල්ල කියල කතා කරන කොට කොයි  ලෝකේ ඉඳල  හරි දුවගෙන   එනවා. දවසක් දෙකක්  යනකොට මට දැනුන ජිල්ලගේ වෙනද ඇහෙන  පුරුදු පුරු පුරු හඬත් නැ කකුලේ අතිල්ලුනෙත් නෑ. ජිල්ල ජිඉල්ල කියල ක ගැහුවත්   ජිල්ල ආය ගෙදර අවේ නැ.  ආච්චි කිව්වේ " වල්බාවෙක්  වෙන්න ඇති " මම තේරුම් ගත්තේ වල් බාවෙක්  කියන්නේ කැලේට වෙලා ඉන්න  පුසෙක්  කියල . පූසෝ  ලොකු උනාම වල්බවෙක් වෙලා කැලේට යනවලු , පුසියෝ විතරක් එහෙම යන්නේ නෑ  කියල තම ආච්චි කියල දුන්නේ මොනවා කරන්නද . අද උනත්  ජිල්ල නැවතත් දැකගන්න පුළුවන් නම්.... එක මහත් සතුටට කාරණයක්.

නැතිවුන
මේ ජිල්ල ගැන හැමෝටම මම කියන්න පුරුදු වුන, ඒ හැම වෙලේම ජිල්ල ගැන එක කතන්දරයක් අනිවාර්යෙන්ම මම හැමෝටම කියන්න පුරුදුවෙලා හිටිය.  ඔන්න එහෙනම් ජිල්ල ගැන  මගේ ජනප්‍රිය කතාව.. මේක  ජිල්ලගේ පුස් අම්ම අයෙත් පාරක් පැටව්  දාල  හිටපු කලෙක කතාවක්.. දවස් වල මාළු විකුණන මනුස්සයෙක් හිටිය. එයා බයිසිකලේ ගිහින් මාළු විකිණීම කලේ. මාළු මාළු කියල  "මාළු කරය " ( නම තමයි අපි භාවිතකලේ නිසා එක එයාගේ නමත් උනා අපිට ) කෑගහල බයිසිකේ නවත්තපු ගමන් ජිල්ල ඇතුළු  සියලු පූස් බලු සෙට් එකම මාළු කාරයා වටේ  කැරකෙනවා. එයා විසිකරන කැලි ටෙස්ට් එකට ගන්න. දැන් කලින් කිව්වා විදිහට ජිල්ලගේ අම්ම පැටව දල නිසා එයා නැ එදා මලු කරය ලගට ගියේ. එත් ජිල්ල එතෙන. ජිල්ල මාළු ඔලු කැල්ලක් අරගෙන ඇවිත්පුස් අම්ම ලගින් තිබ්බ. තියල ටිකක් ඈතට  ගියා. ජිල්ලගේ පුස් අම්ම පැටව දල ඉන්න කාලේට හරි නපුරුයි . ජිල්ල නිසා ලගට යන්න බයයි  දැන් ජිල්ලගේ අම්මටත් අමු මාළු ඔලුවේ රස බලන්න අවස්ථව උද උන. මෙක තමයි ජිල්ල ගැන කතාව  ඉතින්  අපිට හරි සතුටුයි  ජිල්ල ගැන. කලින්ම කිව නේ ජිල්ල හරිම හොඳ පුසෙක් කියල.
එත් එක දෙයක් අන්තිමට කියන්න ඕන අමතක වෙන්න කලින්. කතාවේ වැදගත්ම හරිය. මේ ජිල්ලගේ මවට සැලකීමේ  කතාව ජිල්ල ගැන කතා කරන හැම වෙලේම  කියන කතාවක් වුනත්  මම ඕක ඇස්දෙකට දැක්කේ නැ . ඕක මට කිවේ ගෙදර හිටපු පුංචි  කෙනෙක්. එයාගෙන් අහපු ඔය කතාව  ඇස් දෙකෙන් දැක්ක විදිහට මාත් හැමෝටම කියන්න පුරුදු උන  ජිල්ලගේ වටිනාකම (උජාරුව) කියන්න ඕනෑකමට . මට නම් පුංචි ගැන  දැන් නම් විස්වසක් නැ . එත් මන්  පුංචි කලේ   කතව විස්වාස කරන්න පොඩ්ඩක් වත් පැකිලුනේ නැ .  ජිල්ල වෙනස් විදියේ පුසෙක් නිසා ඔය  කතාව ඇත්ත වෙන්නත් පුළුවන්.

එකදවසක් ජිල්ල වගේම පුසෙක් ජිල්ල නැතිවෙලා ටික කාලෙකට පස්සේ හදිසියේ ගේ පිටිපස්සෙන් මතු උනා. ( ජිල්ලමද මන්ද) මම ජිල්ලගේ නම කතාකරත් පැනල දිව්වා යන්න . ජිල්ලගෙන් පස්සේ තරම් හොඳ පුසේ කවදාවත් මට ආය හම්බෙන්නේ නැති බව මම අදත් දැඩි සේ විස්වාස කරනවා.

Monday, April 23, 2012

රූපලාවණ්‍ය ලයිස්තුවක් ...

අපේ ඉස්කෝලේ   එක එක වර්ගයේ ටීචර් ල ඉන්නවා. තරුණ අය, තරුණ ද නැද්ද  කියල හරියටම කියන්න බැරි අය,  තරුණ නැති අය ,  තමන් වයසයි  කියල හිතන අය,  බැඳපු අය නොබැඳපු  අය සාමයෙන් සමාදානයෙන් ඉන්න අය, අනුන්ගේ  ගේ වැරදීම හොයන අය හොඳ  විවාහ ජිවිත ගත කරන අය, ඒ එක්කම තව තව අනියම් සම්භන්දතාත්  පවත්වන අය.... මෙකි නොකී හැමෝම මෙතන ඉන්නවා. මේ අයත් එක්ක ඉතින්  ෆ්රී වෙලාවක් ආවම  ඕපාදුප වගේ දේවල් කතා කර කර ඉන්න  වෙලාවට  එයාලගේ දුවල පුතාල ගැනත් කියනවනේ . 

ගිය සතියේ දවසක ටීච කෙනෙක් ලිස්ට් එකක් අතට ගත්ත අද අපේ පොඩි දුව මට ගෙන්න  කියල බඩු ලිස්ට් එක්ක දුන්න කියල. මේ දුව O/L කරන වයසේ දුවක් . මේ වයසේ ළමයි ටිකක් රූපලාවණ්‍ය කටයුතු  ගැන උනන්දුයි  නේ. ඉතින් මේ ලිස්ට් එකේ තියෙන්නේ ඔය  රූපලාවණ්‍ය වැඩ වලට ඕන කරන ලිස්ට් එකක් කියල හිතාගෙන ටීචර් ඒ බඩු ලිස්ට් එක කියවන්න පටන් ගත්ත  ...මේ තියෙන්නේ ඒ බඩු ලිස්ට් එක ...


මේ දුවම දවසක් මිට කලිනුත් ඔයවගේම බඩු ලිස්ට් එකක් දුන්නලු. ටීචර් ලිස්ට් එක කෙලින්ම කියවන්නේ නැතිව මුදලාලිට දුන්නලු. ..දැන් ලිස්ට් එකේ තියන බඩු මල්ලකට දානවලු. මුදලාලි ඇහුවලු .. ටිච..  මේ අන්තිමට තියෙන්නේ පාපිසි 1000 ක් .... ?   කොහොමද දුවගේ ටිකිරි මොලේ ... දැන් ඉතින්  මුදලාලිත් දන්නවලු මේ දුවගේ වැඩේ ගැන .. ටීච ඒ කඩේට ගියාම දුව එලියට වෙලා ඉන්නවලු ඇතුලට යන්නේ නැතිව .. .

Wednesday, April 4, 2012

visible... but.... invisible.. but .. visible....


You are there
somewhere …
deep in my heart
in a tiny universe
unidentified
restricted.
And…
impossible to define
who you  are to me..
But still !
you are there
visible… but
invisible.. but
visible ….
to you ..
to me ..
and  to you and me ..

Saturday, March 10, 2012

It shook my soul ... (??)

It shook my soul  (?? )
brought me joy
and my heart gonna burst
with full of happiness and excitement
I felt it's starting from the middle of my heart
and spreading toward head and toes
Yes I felt it
I’m trying to figure it out
have u ever tried to detail
it’s very much decent,
very much mannish,
very much smart and handsome,
bit professional
and much more ….
above all
it’s so sweet and musical !!!
its perfect !   yes   its so perfect !
and made me so delighted !
Ohh what a voice
the voice of a stranger ..
the voice of a unseen man ..
heard over the phone ..!

ps. not a  poem .. but some zigzag thoughts ... 

Thursday, January 26, 2012

නංගිලා මල්ලිලා හා තරු අංකල්ලා

           මිට දවස් දෙක තුනකට කලින්  හදිසියේම  පේරා කැම්පස් එකට ගියා. ඒ වෙලාවේ දැක්ක කැම්පස් ළමයින්ගේ උද්ගොෂන්යක්. ලවුඩ්ස්පිකර් දා ගෙන ළමයි කෑ ගගහ යනවා. එයාල කොයි  පැත්තට යනවද කියල වත් බලන්නේ නැතිව මම එතනින් යන්න ගියා මගේ  වැඩේ කර ගන්න. මම කැම්පස් යන කාලේ කිසිම දවසක ස්ට්‍රයික්  එකකට එකතු උනේ නෑ.උද්ඝෝෂණයකට එකතු උනේ නෑ. අනිත්   අය ස්ට්‍රයික් කරත් මම ලෙක්ච(ර්)ස්  තියනවා නම් ලෙක්ච(ර්)ස් ගියා.  කෙටියෙන්ම කියනවා නම් මගේ කිසිම පැහැදීමක් තිබුනේ නැහැ ස්ටුඩන්ට් යුනියන් එකෙන් කරන වැඩ ගැන. යුනියන් එකට සම්භන්ධ ළමයින්ටත් මගේ  ඒ තරම් කැමැත්තක් තිබුනේ නෑ. යුනියන් එක ළමයින්ගෙන් සල්ලි එකතු කරන එක ගැන මට හරිම තරහක්  තිබුනේ. මම අහල තිබුන සමහර ළමයි, තමන්ට ලැබෙන  මහපොල  ශිෂ්‍යධාරෙන්, තමන්ගේ අමාරුවෙන් ජිවත් වෙන අම්ම තාත්තටත් ජිවත් වෙන්නත් සල්ලි  යවනවා කියල. ඒ නිසා ළමයින්ගෙන් සල්ලි එකතු කරලා පෝස්ටර් ගහන සංස්කෘතිය , පුංචි හැම දේකටම ස්ට්‍රයික් කරන  එක මම අනුමත කලේ නෑ . නහය ලගින් මැස්සෙක් ගියත් ස්ට්‍රික් කරන්න කෑ ගහන්න පුරුදු වෙලා හිටිය නිසා ළමයි මොනවා කරත් ඒවා දිහා බලාගෙන කැම්පස් ලගින් යන බස් වල යන මිනිස්සුන්ට වත් ළමයි කරන දෙයක් ගැන ගානක් තිබුනේ නෑ . කම්මලේ ඉන්න බල්ලාට  සද්දේ ගානක් නෑ වගේ. හැම දාම  සද්ද නිසා ඕන දේකට සද්දයක් දැම්මත් ඉතින්  කිසිම  වටිනාකමක් නෑ. ඒ දවස් වල උද්ඝෝෂණ වලට යන ළමයි මොනවා වෙනුවෙන්  ද උද්ගෝෂණ කරන්නේ කියල වත් හරියට දන්නේ නැතිව ගිය අවස්ථා තිබුන.  බැච් එකත්  එක්ක එකට ඉන්න  ඕන, ගියේ නැත්තන් ප්‍රශ්න එයි කියන බය වගේ දේවල්, වෙන අයගේ ඕන එපාකම්,  වගේම ඒ ගොල්ල කරන දේ හරි කයල විස්වාස කරන නිසා   ඕවට සහභාගී උන අයත් හිටිය. ඔය අන්තිම හේතුව ගැන කියන්න තියෙන්නේ අඩු ගානේ හරි උනත් වැරදි උනත් තමන් විස්වාස කරන දේ වෙනුවෙන් වැඩ කිරීම වෙනම දෙයක් . එත් අනිත් හේතු වලට ඕව කරන එක  ගැන නම් මම හිත යටින් හිනා උනා ඒ දවස් වලත්.


         කැම්පස් එකෙන් මගේ වැඩේ කරගෙන මම බස් එකේ නැගල නුවර පැත්තට ගියා. ගලහ හන්දියට ගියාම දැක්ක දෙයින් මගේ හිතට දැනුන දේ  විස්තර කරන්න අමාරුයි  ඒක මොනවගේ හැඟීමක් ද කියල.. අර ළමයි කෑ ගගහ ගිහින් තියෙන්නේ ගලහ හන්දිය පැත්තට. ගලහ හන්දියේ හමුදාවයි  පොලිසියයි පිරිල,  බැරියර්ස් දාල, කටු කම්බි රෝල දාල , ළමයින් ගේ උද්ගොෂණයට විරුද්ධව. මගේ හිතට  දැනුනේ නිකන් පිරටක ගිය වෙලා වේ ලංකාවේ මනුස්සයෙක් දැක්ක වගේ තමන්ගේ කමක් අර ළමයි දැක්කම .  මට අර ළමයි ගැන දැනුනේ දුකක ද මොකක්ද කියල තේරෙන්නේ නෑ. නිකම් මගේ කමක් වගේ දෙයක් දැනුන. ඔය කොල්ලෝ කෙල්ලෝ ටිකක් කෑගහුවම මේ තරම් හමුදාවක් පොලිසියක් මොකටද කියල තමයි මගේ හිතට දැනුනේ හරියට නිකන් විදේශ ආක්‍රමණයක් ඇවිත් වගේ. හමුදාව පොලිසිය ඉන්නේ   ජාතික ආරක්ෂාව වගේ දේටනේ.. අපි බදු ගෙවන්නේ ඒ ගොල්ලන් ජාතික ආරක්ෂාවට කරන සේවෙට . එත් ඉතින්  මෙතන ( ගලහ හන්දියේ) කටු කම්බි දාගෙන ගෙන බැරියර් දාගෙන කරන ජාතික ආරක්ෂාව මොකක්ද. ළමයි  ගානට වඩා පොලිසියෙනුයි හමුදාවෙනුයි.  හැමෝම සීරුවෙන්.. . ඉස්සරත් ඉතින් ඔහොම උද්ගෝෂණ තිබ්බනේ . එත්  ඇයි මේ පොලිසියි හමුදාවයි මේ තරම්  කලබල වෙලා . පටි දාගත්ත අය... තරු දාගත්ත අය... එක එක විදිහේ අය. අනේ මන්ද අපේ රටට ගිය කල ! ඉස්සර උද්ගෝෂණ කරන ළමයින්ට හිත යටින් හිනා උනා , සමහර කාලෙට  ළමයින්ගේ  උද්ගෝෂණ කිසිම කෙනෙක් ගණන් ගත්තේ නෑ. කැගහල කෑගහල  හති වැටුනම ළමයින්ම යන්න යනවා .එත් වෙන හේතුවකට මොනවා හරි හොඳ දෙයක් උනොත් කැම්පස් එකේ  "ශිෂ්‍ය ව්‍යාපාරයේ තවත් ජග්‍රහණයක්"කියල නම් පෝස්ටර් ගැහුනා හි හි. .එත් දැන් නම් හිනා  යන්නේ මේ තරු පටි අන්කල් ලාට යි ඒ ගොල්ලෝ එවන අන්කල්ලටයි, අනේ වෙන මහන්සියක්, පවු නේ ... කමක් නෑ ඉතින් තරු අන්කල්ලට " බටා" පාරක් වත් වදියි නේ. ගෙදර යන ගමන් කැම්පස් යන  පොඩි එවුන් ටයි යන්න බැරි උන පොඩි එවුන්ටයි ටොපි චොකලට් වත් ගෙනියන්න.