Tuesday, December 7, 2010

ඔයාගේ කරදරේ ...

 අද හවස හෝ ගාල වැස්ස.. ඉස්කෝලේ ඇරිලා එන්නේ කොහොමද කියල හිතහිතා ඉඳල  යන්තන් වැස්ස ටිකක් අඩු වෙන කොට එලියට පැන ගත්ත. ඔයත් එක්ක මේ වැස්සේ යන්න කොච්චර අමාරුද. ඔයාව එක අතකින්  අල්ලාගෙන අනිත් අතින් කුඩේ ල්ලගෙන පරිස්සමින් හිමින්හිමින් අඩිය තිය තියා ආවේ. ඒ අතරේ ඉස්කෝලේ  ඇරුන කොල්ලෝ කුරුට්ටොන්ට නම් මාර ජොලි, වැස්සට හොඳටම  තෙමිලා අර පාරේ තියන වතුර ගොඩේ තක තක ගාල ඇවිදිනවා.. දුවනවා.. , මාව නම් තෙමුනත් කමක් නෑ ඔයාව මේ ජරා වතුරෙන් බේරගන්න විදියක් නැහැ මේ කොල්ලෝ නිසා, කොල්ලෝ එහෙමෙහෙ දුවන පාරට පාරේ තියන ජරා වතුර ඔක්කොම ඔයාගෙයි මගෙයි   ඇඟට විසි වෙනවා.

යන්තන් ඔයාවත්   අල්ලාගෙන බස් හෝල්ට් එකට අවා. ඔයාව මෙහෙම අල්ලාගෙන ඉන්න විදිහ හරි නැද්ද  මන්ද .. මිනිස්සුත් බල බල යනවා.  එත් ඉතින්   මොනවා කරන්නද වැස්ස වෙලාවට විතරනේ මෙහෙම යන්නේ . කොහොමත් ඔයත් එක්ක මේ ගත කරන ජිවිතේ නම් මට එපා වෙලා. ආය ඉතින්  උදේට කියලත් ඔයාගෙන් ගැලවිල්ලක් නැනේ ඔයා නිසා උදේට කොච්චර නම් වෙලා යනවද දවස් කීයක් නම් මට ඔය නිසා රතු ඉරත් වැදිලා ඇද්ද ඔයාට නම් මොකද මේ කරදරේ ගැන ඔයාට ගානක් වත් තියන එකක් යැ . අනිත් ඒක ඔයා නිසා යන වියදම ! ඔයාගේ වියදම මට දරන්න පුලුවන්ද..
දවසින් දවසට කියක් නම් මාරු කරන්න ඕනද  , ඒකට ඉතින්  අලුත් ඒවා  ගන්න කඩවල් ගානේ බඩ ගාල  බඩ ගාල    .. කීයක් කියල තෝරන්නද,  තෝරලා තෝරල යන්තන් එකක් තෝරා ගන්නව. ඒ විතරක් ද  එතිනින් ඔය තේරිල්ල ඉවර කරන්නත් බැනේ මැච්  කරලා හරියන  හැට්ට  මහන්නත්  ඕන නේ . උදේට  අඳින්න ගියත් තියන කරදරේ. පොට හදන්න රැලි තියන්න වැඩ කීයක්ද ..කොයි  තරම් වෙලාවක් යනවා ද   පටල ගන්න. ඊට පස්සේ බස්  එකකට හදිසියේ නැග ගන්න පුලුවන්ද පැටලිලා වැටෙන්න යනවා.. ඒත්  ඒ  වගේද    ඩෙනිම් කලිසමයි  ටි  ෂර්ට් එකයි. කොයි  තරම් පහසුද අව්වට වැස්ස කෝකටත් ඔට්ටුයි . අඳින්නත් විනාඩියයි  දෙකයි. අනේ ඇත්තට ම  ටිචර්ලටත් ඔය සාරිය නැතිව ඩෙනිම් කලිසමකුයි   ටි ෂර්ට් එකකුයි  ඇඳගෙන ඉස්කෝලේ යන්න දෙනවා නම් කොච්චර හොඳද !!!

7 comments:

  1. යසට තියේවි කලිසන් කොටයයි ටී ශිර්ට් කෑල්ලයි ඇදගෙන ඉස්කෝලේ ගියොත්

    ReplyDelete
  2. @My Life & Our Lives --- මගේ සහ අපේ ජීවිතයන් said

    ඇයි මොකද වෙන්නේ?

    ReplyDelete
  3. ZIGzag

    Please remove word verfication. Not many will comment with that on.

    ReplyDelete
  4. මේ සාරි වැඩේ මට තාමත් තියෙන ලොකු ප්‍රශ්ණයක්. ඇත්තටම ඔයා ගේ පත්වීමේ ලියුමේ තියෙනවාද සාරියක් ඇඳන් වැඩට එන්න කියලා.

    පිරිමි ගුරුවරයෙකු ගේ පත්වීම් ලිපියේ මොකක්ද තියෙන්නේ.

    මේක මානව හිමිකම් සහ සමානාත්මතාවය ගැණ ප්‍රශ්ණයක් නේද? මේකත් බලන්න.

    http://kathandara.blogspot.com/2009/07/blog-post_21.html

    ReplyDelete
  5. පත් වීමේ ලිපියේ නම් ඇඳුම ගැන මොකුත් කියල නෑ

    ඔය පොස්ට් එක මම කියෙව්වා ලඟදි .. කමෙන්ට් එකකුත් දැම්ම..

    ReplyDelete
  6. @ZIGzag
    වෙනස් කරන්න තියෙන්නේ එකම විදියයි නේ.
    ගවුමක් හරි, කුර්තාවක් හරි, ජීන්ස් හරි ඇඳගෙන යන්න වැඩට. ගිහින් බලන්න මොකද වෙන්නේ කියලා.
    කිසි දෙයක් වෙන්නේ නෑ. ඔන්නං නාකි ටීචර් ලා ටික කුණු කුණු ගායි.
    මේවා ගෑනුන්ම, ගෑනුන්ට විරුද්දව හදාගෙන තියෙන දේවල්.

    ReplyDelete
  7. කාලයක්ම ඔය සාරි පැටලුවා ඔව් අප්පා ඕක මහ කරදරයක් කීයක් මැච් කරන්නද සාරියට .යාර හයක් පටලගෙන යන්නත් එපැයි

    මං දැන් කරන රස්සාවට උඩින්ම කැමති වුනේ ඔය සාරි ඇඳිල්ල නැති නිසා .දාහෙන් සම්පතයි ටී ශර්ට් එකකුයි ඩෙනිම් එකකුයි දාගෙන වැඩට යන එක

    ReplyDelete